IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ කාලගුණය යහපත් තත්ත්වයට

(ඉමදුව - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

අද උදැසන 10 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ කාලගුණික තත්වය යහපත් අතර හැරී ඇතිබව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඉකුත් දින කීපයතුල පැවැති අයහපත් කාලගුණික තත්වය සහ ජල ගැලීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 යේ ග්‍රාම සේවා වසම් 566 ක පවුල් 5589 ක පුද්ගලයින් 21176 ක් විපතට පත්ව සිටිති.

මේ වනවිට මරණ 06 ක් වාර්තා වී තිබේ. මෙම මරණ වාර්තාවී ඇත්තේ හික්කඩුව සහ අම්බලන්ගොඩිනි.  ඉකුත් දා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බෝට්ටු අනතුරට පත්වීමෙන් ඒවායේ සිටි ධීවරයන් මෙසේ මරණය පත්ව තිබේ.

දැනට අතුරුදන් පුද්ගලයන් ගණන 05 ක් ලෙස වාර්තා වී තිබේ. පූර්ණ හානියට පත් නිවාස ගණන 142 ක් වන අතර අර්ධ හානියට පත් නිවාස ගණන 5485 ක් ලෙස වාර්තා වි තිබේ.

හානියට පත් නිවාස හිමියනට හදිසි මුදල් සහනාධාර ලෙස රුපියල් 10,000/- රජය විසින් ගෙවීමට ගත් තිරණය පරිදි ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 23 න් වෙනුවෙන් දැනටමත් මෙම  ආධාර ලබා දි තිබේ.



අදහස් (0)

ගාල්ලේ කාලගුණය යහපත් තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 973 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site