(පද්මා කුමාරී කංකානම්ගේ )
උඩප්පුව වෙරළ තීරයේ දී බදාදා (22 ) අත් අඩංගුවට ගත් ග්ලයිපෝසෙට් නම් උග්‍ර විෂ රසායනිකය අඩංගු වල් නාශක පැකට් 4205 පොලිසිය විසින් රේගුව වෙත ඉදිරිපත් කොට ඇත්තේ ඇමෝනියා පොහොර වශයෙන් බැව් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව වල් නාශක සමග අත්අඩංගුවට ගත් ලොරි රථය සහ සැකකරුවන් දෙදෙනා ඇප මත නිදහස් කොට ඇති අතර වල් නාශක තොගය කොළඹ රේගු මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
අත්අඩංගුවට ගත් කවරයක ඇමෝනියා වැනි සංකේතයක් තිබුණු නිසා එම ද්‍රව්‍ය ඇමෝනියා වශයෙන් සැක කොට රේගුව වෙත භාර දුන් බව මුන්දලම පොලිස් ස්ථානාධිපති ඒකනායක මහතා පැවසීය.
"ඇමෝනියා පොහොර කිසිම තහනම්කින් තොරව භාවිතා වෙනවා.නමුත් ග්ලයිපෝසෙට් උග්‍ර විෂ සහිත වල් නාශකයක්.අත්අඩංගුවට ගත් එම ද්‍රව්‍යවල ඡායාරූප නිරීක්ෂණයේ දී පෙනී ගියේ ‘D ERA‘ නැමැති 70%ක විෂ සහිත ද්‍රව්‍ය බවයි" යැයි පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පැවසුවාය.
මේ ගැන රේගුව දැනුවත් කර ඉදිරි පරීක්ෂණ සදහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තු සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍රසේන මහතා කීවේය.
COMMENTS
ශ්රී ලංකා පොලිසිය ඇතුලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. පුදුමේ ඕක සිනි නොවුන එක.
ඕක පොලිසියේ වෙන සුලබ දෙයක් නේ, අද ඊයේද, ඕකට ඔතන ඔය සම්බන්දව වාර්තාව ලියා ගත්තු අය , බදු අල්ලපු නිලදාරී ගනුදෙනුවක් සාක්කුවේ දාගන්න ඇති, එක්කෝ පොලිස්පතිට සර් ගෙන් ඇමතුමක් එන්න ඇති, ඒ අනුව වෙනස් වෙන්න ඇති.