(විනීතා එම් ගමගේ)
ග්ලයිෆොසේට් කෘෂි රසායනිකය ගෙන්වා තේ වගාව සඳහා යෙදුව හොත් එයින් බස්නාහිර පළාගේ ජනතාව බරපතල සෞඛ්‍ය ප‍්‍රශ්නවලට මුහුණ දෙනු ඇතැයි වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මධ්‍ය කඳුකරයේ තේ වගාවට ග්ලයිෆොසේට් යෙදුවහොත් ඒවා සේදී ගංගාවලට එන බවත් කැළණි ගඟ ඔස්සේ එන රසායනික පානීය ජලයට එකතු වන බවත් හෙතෙම පෙන්වා දෙයි.
එහි ඇති බැර ලෝහ ජල පිරිපහදු කිරීම් වල දී ඉවත් නොවන නිසා බස්නාහිර පළාතේ විශේෂයෙන් කොළඹ හා අවට ප‍්‍රදේශවල ජනතාවගේ ශරීරවලට පානීය ජලය සමඟ මෙම විෂ රසායනිකය එකතු වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ජයසුමන මහතා පවසයි.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය 2 ඒ කාණ්ඩයේ පිළිකා කාරකයක් ලෙස ග්ලයිෆොසේට් නම් කර ඇති අතර ලෝකයේ බොහෝ රටවල් එය තහනම් කරමින් සිටින බව ද ජයසුමන මහතා කියයි.
මේ අතර මධ්‍ය කඳුකරයේ තේ වගාවට යොදන ග්ලයිෆෝසේට් මහවැලි නදිය ඔස්සේ රජරටට හා නැගෙනහිර දෙසට යන බවත් මේ නිසා දැනටමත් වකුගඩු රෝගයට ගොදුරුවී සිටින එම පළාත්වල ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇතැයි ද හෙතෙම තව දුරටත් පැවැසීය.
මේ අතර ශ්‍රී ලංකාවේ තේ වගාවට ග්ලයිෆොසේට් යොදන බව සැලවීමත් සමඟ මෙරට තේ වෙළෙඳපොල බරපතල කඩාවැටීමකට ලක්වීම වළැක්විය නොහැකි වනු ඇතැයි ද ජයසුමන මහතා ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
412
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්ලයිෆොසේට් නිසා බස්නාහිරට හානි
සුරංග නානායක්කාර Friday, 23 June 2017 08:38 AM
පිළිකාකාරක යොදන්න අවසර ඉල්ලපු කෙනා කව්ද? මේවා මහා අපරාධ...
සෙනෙවි Friday, 23 June 2017 10:11 AM
මෙහෙම ඇමතිවරු නිසා තේ බොන එකත් එපා වෙනවා...