IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ග්ලයිෆෙසේට් තහනහම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමන් දන්නෙත් නෑ‘ - රතන හිමි

(විනීතා එම් ගමගේ)

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේ  තමන්  එවැනි තීරණයක් නොගත්තේ යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසූ බවත් ඒ පිළීබඳ  ජනාධිපති ලේකම්වරයාගෙන් විමසු අවස්ථාවේ තමන් කිසිවක් නොදන්නා බව ඔහු ද පැවැසූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

අමාත්‍ය නවීන් දිසානායක මහතා පමණක් මෙම තහනම ඉවත් කළ බව කියන්නේ යැයි කී උන් වහන්සේ ජනතාව පිළිගත යුතු කවුරුන් කියන දේ දැයි වටහා ගත නොහැකි බව ද කිහ.

රටේ නායකයා හෝ ඔහුගේ ලේකම්වරයා නොදැන තීන්දු ගත නොහැකි  බැවින් මෙම තහනම ඉවත් කර නැති බව පෙනී යන්නේ යැයි ද රතන හිමියෝ පැවැසූහ.

‘‘අපේ උපදෙස් වත් ජනතාව කියන දේවත් අහන්නේ නැහැ. මට නම් පේන්නේ ආණ්ඩුව තමන් කරන්නේ මොකක්ද කියල වත් දන්නේ නැහැ. එක්කෝ වහා ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කැ`දවන්න්. නැත්නම් ඉදිරි අවුරුදු දෙක වෙනුවෙන් ස්ථිර ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට  පත් කරන්න. ජනතාව අමාරුවේ දාන්න එපා කියා මම ඉල්ලා සිටිනවා.’’ යැයි ද රතන හිමියෝ පැවැසුහ.

උන් වහන්සේ මේ අදහස් පළ කළේ සදහම් සෙවනේ අද (03) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. පරිසර හිතකාමි තිරසර සංවර්ධන එකමුතුව විසින් සංවිධානය කරන  ලදුව  සදහම් සෙවනේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර බොදු සමුළුවක් අතරතුර පැවැත්වූ මාධ්‍ය හමුවක දී රතන හිමියෝ මෙම අදහස් ප‍්‍රකාශ  කළහ. 

‘‘මේක රජයක්. තනි පුද්ගලයින්ට අවශ්‍ය විදියට කටයුතු  කරන්න බැහැ. එතුමන්ලාට ප‍්‍රතිලාභ ඇති. ඒත් පෞද්ගලික අභිලාෂ  මත තීරණ ගන්න සුදානම් වෙන්න එපා. ’’ යැයි ද රතන හිමියෝ එහි දී තව දුරටත් පැවැසූහ.  
 



අදහස් (3)

‘ග්ලයිෆෙසේට් තහනහම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමන් දන්නෙත් නෑ‘ - රතන හිමි

Bamunuarachchi Friday, 04 May 2018 01:02 AM

ඉතින් සිරිසේනව දැනුවත් කරන්නකෝ? ප්‍රමාද වෙන්න එපා... බය වෙන්නත් එපා හොඳේ..

:       0       0

kumara Friday, 04 May 2018 03:21 AM

මේ දවස් වල එතුමා වැඩිය පත්තර බලන්නේ නැහැ වගේ..

:       0       1

jayath Friday, 04 May 2018 04:25 AM

මෙහෙව් රටේ .... ඉපදීලා - බලාන හිටියා දැන් නම් ඇති හොඳ ටෝම ........... ඒ උතුමාණන් වහන්සේ මේක පත්තරෙන් වත් දැක්කේ නැත්ද ? අනික මේක ඉවත් කරොත් ආණ්ඩුව පෙරලනවා කියල පොලවේ හැපුණු (චන්දෙට පෙර ! ) අය මේ මොනවා වදාරනවද මන්ද . අනික තමයි මේ ග්ල්ය්කොසටේ " නිශ්චිත හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝගය "සමග සම්බන්දයි කියන එක තවම කල්පිතයක් විතරයි

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site