(ශිරාන් රණසිංහ)
ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේප්පුවල දමා තිබු රුපියල් ලක්ෂ 42ක පමණ මුදලක් අතුරුදන් වී ඇතැයි ප්‍රාදේශිය තැපැල් අධිකාරී ඇතුළු විමර්ශන නිලධාරීන් කළ මුලික පරීක්ෂණයකදී හෙළි වී ඇත.
මේ සම්බන්ධව තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසිමේදී එම නිලධාරියා කියා සිටියේ ඒ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇති බවයි.
මීට පෙරාතුව හැව්ලොක් ටවුම ප්‍රධාන තැපැල් කාර්යාලයේ තිබු රුපියල් ලක්ෂ 42 ක මුදලත් මේ අයුරින්ම අස්ථානගතව තිබු බවත් ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විධිමත් පියවරක් නොගත් බවත් තැපැල් වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.
ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ වැඩබලන තැපැල් ස්ථානිධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම ලක්ෂ 42 ක මුදල සේප්පුවේ තැන්පත් කර ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්ස තැපැල් කාර්යාල සේප්පුවේ තිබු ලක්ෂ 42 ක් අතුරුදන්
jayantha Monday, 23 July 2018 12:28 PM
කාගේද මේ මුදල් ? බදු ගෙවන්නන්ගේ නේද ? මෙහෙමත් රජයේ සේවකයෝ
Chanak Los angeles Tuesday, 24 July 2018 01:04 AM
හොරකම් කළවුන් අහුවුණත් ඔවුන්ට භයවෙන්න දෙයක් නැහැ .. අත්අඩංගුවට නොගන්න කියන උසාවි තීන්දු නියායක් අර උත්තමයා රටට හඳුන්වා දීලයි තිබෙන්නේ .නීතිය සැමට සාධාරණයිලු නේද ?