IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ගුරු වර්ජනය සාර්ථක යැයි සංගම් කියයි

  (නිමල කොඩිතුවක්කු)

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද(4)  ක‍්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අති සාර්ථක බවත් සියලූම පාසල් වල සියයට 90කට වැඩි ප‍්‍රතිශතයකින් වර්ජනය සදහා දායකත්වය ලැබී තිබු බවත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ උපසභාපති නීල් අතුකෝරල මහතා අද(04) පැවසීය.


මෙම ගැටලූවට දින 14ක් තුළ විසඳුමක්  නොලැබුනහොත් අගෝස්තු මාසයේ සිට ජාතික විභාග රාජකාරී වලින් ඉවත්විමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.
අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් අතුකෝරල මහතා මෙසේද කීවේය.


   ‘‘අධ්‍යාපන ඇමතිතුමා ප‍්‍රමුඛව වර්තමාන ආන්ඩුව  අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සේවා ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් දේශපාලන පලිගැනීම්  ලේබලය යටතේ දහසකට අධික පිරිසක් සදහා  විවිධ උසස් විම් සහ  පත්වීම් ලබාදිම සදහා  දැවැන්ත වැඩපිලිවලක් මේ වන විට ක‍්‍රියාත්මක කරලා තියෙනවා.


එයට විරෝධය පල කරමින් සමස්ථ අධ්‍යාපන පද්ධතිය නියෝජනය කරන ශ‍්‍රි  ලංකා අධ්‍යාපන පරිපාලන සේවය,  ශ‍්‍රි ලංකා  ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා ගුරු සේවයට අදාල සියලූම  වෘත්තීය සමිති එක්ව තම සේවා වලට වාර්ථා නොකර අධ්‍යාපන  අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂනයක නිරත වුනා.


මේ  වැඩ වර්ජනය සහ උද්ඝෝෂණය ඉතාම සාර්ථකයි. අධ්‍යාපන අමාත්‍යවරයා සහ ඔහුගේ සුවච  කීකරු නිළධාරින් කිහිප දෙනෙක් පමනක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අසාර්ථකයි කියන්න  විවිධ බොරු ප‍්‍රචාර රාජ්‍ය  මාධ්‍ය මගින් කරනවා. මෙය ඉතා  කණගාටුවෙන් යුතුව අපි හෙළා දකිනවා.


අද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ  සහ කුළියාපිටිය අධ්‍යාපන  කළාපයේ සියලූම පාසල් වහලා. අධ්‍යාපන කාර්යාලවහලා. දරුවො පාසල්  ඇවිත් නැහැ. ඒ වගේම දිවයින පුරා සියලූම පාසල් වල අද ගුරුවරු විදුහල්පතිවරු ඇවිත් නැහැ. ඒ නිසා අද වැඩ වර්ජනය සියයට 90කින් සාර්ථකයි.



අදහස් (4)

ගුරු වර්ජනය සාර්ථක යැයි සංගම් කියයි

ගාල්ලේ පාල Wednesday, 04 July 2018 01:13 PM

ගාල්ල දිස්ත්‍රික්කයෙ පාසල්වල විදුහල්පති පාසලේ නැතිවට උගැන්වීම් කළ හැකි බව අද පෙන්නුවා

:       22       1

සමන්ත Wednesday, 04 July 2018 01:29 PM

ගුරු සංගම් ඉල්ලීම් සහ වැඩ වර්ජනය සාර්ථක වුනත්, අසාර්ථක වුනත් මේ දේශපාලන පත්වීම සෙල්ලම නම් වහාම නැවැත්විය යුතුයි. හැමදේටම වර්ජනය කරන අයත් ඒ දේ සාධාරණද නැද්ද කියලා කල්පනා කරන්න ඕනේ. මහජන බදු මුදල් පක්ෂ දේශපාලනයට හෝ ප්‍රතිරුප ගොඩ නගා ගැනීම ශිෂ්ට සම්පන්න සමාජය පිළිකුල් කරනවා. වහාම රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා උසස්වීම සහ පත්වීම ලබා දෙන්න. මැතිවරණ දිනුවත්, පැරදුනත් කමක් නෑ. ඒකෙන් රට දිනවනවා.

:       0       27

ලලිත් Thursday, 05 July 2018 12:40 AM

මේ සෙල්ලම දැන් විශ්වවිද්‍යාලවලත් බෝ වෙලා. දැන් බොහොමයක් තනතුරු පුරප්පාඩු පූරවන්නෙ දේශපාලකයන් ගේ ලැයිස්තුවට.

:       0       0

theshan Thursday, 05 July 2018 05:52 AM

පහ වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය ලංව තිබෙද්දි මෙවන් දෙයක් පාසල් කාලය තුළදී කිරීම සාධාරණයි ද කියලා හිතන්න.......ඒ වගේම එහෙම වැරදි දෙයක් කරලා ආයි සාර්ථකයි කියන මේගොල්ලන් ගැන කටට එන වචන මෙතන ලියන්න බෑ..............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site