(රන්ජන් කස්තුරි)
රජයේ පාසල්හි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පැවැත්වීමට තීරණය කර තිබු වැඩ වර්ජනය නතර කළද අද (26) රටපුරා පාසල්වල සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක පැවැති බව වාර්තාවේ.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැඩ වර්ජනයක නිරතවීමට කලින් තීරණය කර තිබු අතර ඇතැම් ගුරුවරුන් තමන් 26 වැනි දින පාසලට නොපැමිණෙන බව පෙර දිනයේදී සිසුන්ට දැනුම් දී තිබිණ.
ඇතැම් පාසල්වල වාර විභාග කටයුතුද එදින නොපැවැත්වීමට තීන්දු කර තිබු බවද පැවසේ.
කෙසේ වෙතත් ගුරු හා විදුහල්පති වර්ජනය නතර කරන බව අද (25) පස්වරුවේ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද සිසුන් වැඩි පිරිසක් අද පාසල්වලට නොපැමිණ තිබිණි.
COMMENTS
ඇතැම් ගුරුවරුනුත් දැන් තමනට නොගැලපෙන දේ කරනවා. ගුරුවරුන්ට තියෙන වැටුප ඇති. නමුත් තුරු සෙත, ක්ෂණික ණය, ලක්ෂ15ණය ගංවතුර ණය ලෝකෙ තියෙන සේරම ණය අරන් හිරවෙලා දැන් නාහෙන් අඬනවා
කොහොමද ඉස්කෝලේ යවන්නේ විශ්වාසයක් නැතුව.
ළමයින්ට පාසල් එන්න එපා කියල ගුරුවරු හා විදුහල්පති පන්තිවලටම ඇවිත් කියල. ඊයේ අපේ ගේ ලග ළමයි පාසල් ගියේ මන් යන්න කිව්වා නිසා. හැබැයි ළමයින්ට වාර විභහගය නොතියා ගෙදර එව්වා. දැන් කියනව ළමයි අඩුලු. මේ සිද්ධිය උනේ හික්කඩුව, සුමංගල ජාතික පාසලේ. ලැජ්ජයි දැන් නම් ශ්‍රීලාංකීය ගුරුවරයාගේ භූමිකාව ගැන. තමනුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන, මහජන මුදලින් වැටුප් ලබලා, අනාගතේ පිපෙන සියලුම දරුවන්ගේ මූලික අධ්‍යාපනය අයිතිය නැතිකර දමනවා. හැබැයි ඔවුන්ම කරන පෞද්ගලික පන්තිවලට නිවාඩු නෑ. දරුවෝ ගුරුවරුන්ට ගරු නොකර, ඔවුන්ව ගණන් නොගන්න කාලය වැඩි ඇතක නෙවෙයි.