IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනට කෝටි 4881ක්

නිමල කොඩිතුවක්කු

ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක මුදලක් රජය වෙන්කර ඇති බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා  පැවසීය.

මුදල් අමාත්‍යාංශය  සහ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

මෙහිදී ග‍්‍රාමීය මාර්ග 6936ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 13872ක්, ග‍්‍රාමීය වැව් සහ අමුණු 1300ක් ප‍්‍රතිසංස්කරණය සඳහා මිලියන 4550ක්, ආගමික ස්ථාන 500ක් වැඩිදියුණු කිරීම සඳහා මිලියන 250ක්, ග‍්‍රාමීය සහ නාගරික මට්ටමින් නිවාස සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 15000ක් ලබා දීමට අපේක්ෂිත බවද හෙතෙම කීවේය.

මීට අමතරව ග‍්‍රාමීය පාසල් පද්ධති ඉදිකිරීම් සහ අලූත්වැඩියා වෙනුවෙන්  රුපියල් මිලියන 1989ක් සහ විදුලිය නොමැති දිවයිනේ සියලූ නිවාස සඳහා විදුලි සැපයුම ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් වෙන් කර තිබේ.

සති පොළ, හරිත උද්‍යාන සහ පාසල් ක‍්‍රීඩා පිටි සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1700ක් සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 90ක් ද ඉඩම් ඔප්පු ලබා දීම සහ නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක්ද මේ යටතේ මුදල් වැය කිරීමට අපේක්ෂිතය.

මේ අතර නව ව්‍යවසායකයන් ලක්ෂලයක් බිහි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5310ක් වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ආර්ථිකයට  ග‍්‍රාමීය ආර්ථිකයේ ජවය සහ ශක්තිය ලබාගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇති බවත්  ඒ තුලින් තිරසාර සංවර්ධනයක් වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත්  ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා  පැවසීය.

ගම්පෙරළිය  ව්‍යාපෘතිය සහ එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා යන ව්‍යාපෘති  කේන්ද්‍ර කර ගනිමින්  මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරෙන බවද නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (0)

ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනට කෝටි 4881ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 450 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site