(අංජුල මහික වීරරත්න)
පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසථාවක් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
විශ්වාසභංග විවාදයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දයේ දී හමු වු අවස්ථාවේදී ඉල්ලීමක් කර ඇත.
විශ්වාස භංගය යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීම නිසා උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරි නමා කෘතඥතාවය පළ කිරීමට සුදානමින් සිටින බවද අගමැතිවරයා එහිදී පවසා තිබේ.
COMMENTS
හිතන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට මේ තනතුර දුන්නනම් හොඳයි කියල අපිට හිතෙනවා
ඡන්දයකදී ඔබ සැමට ජනතාවගේ ශක්තිය කුමක්දැයි කියාදෙනු ඇත
මේ රටේ සාමාන්‍ය ඡන්ද වලදී පොදු මහා ජනතාව 75%ක් පමණ හිතට එකඟව ඡන්දය දෙයි. ඒ නිසා රටේ ජනතා කැමැත්ත පිලිඹිබු වෙයි.
ඔහු අගමැතිට අභියෝග කළා විශ්වාසය දක්වපු මන්ත්‍රීවරුන්ගේ ලිපිය පෙන්නන්න කියලා. දැන් සනීපද?
මෙම විශ්වාස භංගය සැබැ ජනතා මතයත් නොවේ...
මහජන ඡන්දය, ඒ තුලින් ජනතා සේවය සඳහා මහජන සේවකයින් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය මිතුරන් තමුන් වටා සිටි පලියට හෑල්ලුවට ලක් කරන්න එපා ගරු අගමැතිතුමා.
රනිල් මැතිඳු අද බැබෙලෙයි රට මැද්දේ ! ධම්මික
ඇමති පට්ටම් තියෙන්නේ කෘතගුණ සලකන්නද? නැත්තන් රට වෙනුවෙන් සේවය කරවන්නද? තාම පැහැදිලි නෑ...
මහත්තයෝ පෙන්නුවේ ඔබේ ශක්තිය නොවෙයි දෙමල සහ මුස්ලිම් ශක්තිය. ඔවුන් පෙන්නුවා ඔවුන්ට ආණ්ඩු අතිකරන්නත්, නැතිකරන්නත් පුළුවන් කියලා. දැන් ඔබට බලයේ ඉන්න වුවමනා නම් අපේ අයට සල්ලිදෙන්න.. ඒ ගොල්ලන්ට ඔවුන්ගේ ජාතියේ පැවැත්මට ඉල්ලන දේ දෙන්න.
විපුල ඔබ හරි... එතන පෙන්නුවේ දේශපාලකයන්ගේ මතයයි. මහජන මතය 2020 දී පෙන්වන්නම් එදාට ඔබ ගෙදර...
රනිල් ගෙදර යනවා නම් හොඳයි.
යූ එන් පී කාරයින්ට දෙයියන්ගේම පිහිට තමා රනිල් තවදුරටත් ඉන්නවා කියන්නේ...