(අකිල බද්දෙවිතාන)
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
උත්සව සමය නිමිත්තෙන් අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති අතර දුරගමන් සේවා සඳහා අමතර ලංගම බස් රථ 1200ක් යොදවා තිබේ.
මේ අතර විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ. අප්‍රේල් 12 සහ 16 දිනවල පෙරවරු 11.30ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙළ දක්වා විශේෂ දුම්රියක් ද, අප්‍රේල් 13 හා 17 පෙරවරු 8.30ට බණ්ඩාරවෙළ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ද ධාවනය කෙරේ. අප්‍රේල් මස 14 වනදා කොළඹ කොටුව සහ මරදාන සිට වේයන්ගොඩ සහ දකුණු කළුතර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇත.
ඊට අමතරව කොළඹ කොටුව සහ යාපනය අතර අප්‍රේල් මස 12 සහ 17 විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බවත් මහව, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ද අප්‍රේල් 17 වැනිදා තෙක් විශේෂ දුම්රිය යොදවා ඇතැයි ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.
පසුගිය 8 වැනිදා සිට ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන පහසුකම් අප්‍රේල් 25 වැනිදා තෙක් ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අතර උත්සව සමයේ දී මගීන්ගේ ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය මගින් ක්‍රියාත්මක කර ඇති අතරම බීමත් රියදුරන් සොයා වැටලීම් ද ක්‍රියාත්මක ය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක්
රාජුන් Tuesday, 11 April 2017 09:15 AM
මගේ අම්මේ, මේ තරම් අමතර බස් තොගයක් . මෙච්චර කල් මේවා කොහෙද තිබුනේ? අනේ මන්ද කාටද මේ කොලේ වහල ගහන්නේ කියල
vipula Tuesday, 11 April 2017 09:26 AM
අමතර බස් රථ නෙමෙයි . ප්‍රාදේශීය ගමනා ගමන නවත්තල යොදවන බස්. බස් 4600 අතිරික්තයක් තියෙනවා නම් මේක ලංකාව වෙන්න බැහැ