(තිලකරත්න දිසානායක)
ගම්පහ රෝහල් පරිශ්‍රය තුළ නවතා තිබූ ගිලන් රථයේ ටයර්වල් එහි ප්‍රධානියකුගේ කීමට ආරක්ෂක නියමකයකු විසින් හුළං ඇරිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එල්. ෆරීඩ් මහතා පවසයි.
තම නිල නිවස ඉදිරිපිට නවතා තිබීම හේතුවෙන් හුළං ඇර ඇති බවත් මෙම ගිලන් රිය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අයත් එකක් වන බවත් ජලභීතිකා මර්ධන කටයුතු හා ඩෙංගු නිවරණ කටයුතු වෙනුවෙන් වෙන් කළ එකක් බවත් සෞඛ්‍ය සේවා කාර්යාල සේවකයෙක් පැවැසීය. මේ හේතුවෙන් අද දින නියමකර තිබූ සුනඛ එන්ත් වැඩසටහන් කීපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් මේ පිළිබඳව සොයාබැලීමට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීඅජිත් මාන්නප්පෙරුම මහතා අද ගම්පහ රෝහලට වෙත ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිද්ධිය පිලිබදව සත්‍ය අසත්‍ය බව අප නොදනිමු. එය සත්‍යයක් නම් ඉතාම අශීලාචාර නොමිනිස් ක්‍රියාවකි. මෙයද බුද්ධිමතා සහ උගතා පිලිබදව සිතීමට තවත් එක් අවස්ථාවකි.
දොස්තරලාගේත් හුලං බහින කාලය දැන් ඇවිල්ලා
පතපොතේ දැනුම, විභාග සමත් වීම, ඉහළ තනතුරු දැරීම, ආදී දේවල් තිබුණාට සාමාන්‍ය දැනුම, මනුස්සකම ආදිය නැති වුණාම මේවගේ දේවල් වෙනවා.
මේ අයව සේවයෙන් පහකළ යුතුයි.
රෝදවල හුළං අරින්න කියල තියෙන්නේ කවුද? එන්නත් වලට බයේද?