(ඉන්දිකා රාමනායක)
 
ටී 56 ගිනි අවි තුනක් හා මැගසින් 7 ක්  සමඟ ගම්පහ නගරයේ දී  සුභෝපභෝගී මෝටර් රථයක් අතහැර යාමේ සිද්ධියේ  එම  මෝටර් රථය  පැදවු බව කියන රියදුරු අද  (8) ග‍්‍රෑන්ඩ්පාස්  ප‍්‍රදේශයේ මහල් නිවසක සැඟව සිටියදී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරු ඔහුගේ බිරිඳ සමඟ ග‍්‍රෑන්ඩ්පාස් සිරිමුතු උයන මහල් නිවසක සැඟව සිටින බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුක් මත අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රබලයකු ඝාතන කිරීම සඳහා ඉකුත් මස 7 වැනි දින ටී 56 ගිනි අවි තුනක් හා මැගසින් 7 ක් රැගෙන මෝටර් රථයෙන් යමින් සිටියදී ගම්පහ නගරයේ දී මොවුන්  පොලිසියට කොටුවීමට ගිය අවස්ථාවේ ගිනි අවි සහ මැගසින් සමඟ මෝටර් රථය ද අතහැර පළා ගොස් ඇත.