IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගම්පහ බණ්ඩාරනායක සිසුවෙක් පළමු රොකට්ටුව හදයි

(ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවකු විසින්  ගුවන් ගත කළ හැකි  රොකට්ටුව නිපදවා ඇත.

එල්.එච්. ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිර්මාණය කර ඇති කිලෝ මීටර් 20ක දුරකට යැවිය හැකි මෙම රොකට්ටුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමීව පැවති ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.

ප්‍රදර්ශනය විවෘත කිරීමට පෙරේදා (13) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද ඇගැයීමට එය ලක්විය.

මෙම රොකට්ටුව නිර්මාණය කිරීමට අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණික දැනුම ලබා ගත් බව පැවසූ ගිහාන් සිසුවා මෙය නිර්මාණය කිරීමට මාස දෙකක කාලයක් ගත වූ බවද පැවසීය. 

 පැයට කිලෝ මීටර් 750ක වේගයකින් ගමන් කළ හැකි මෙම රොකට්ටුව උසින් අඩි 20ක් වන අතර බර කිලෝ ග්‍රෑම් 25කි. 

තමන්ගේ මෙම නිර්මාණය පෙරේදා නැරඹූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙය අගය කරමින් සතුට පළ කළ බවත් මෙය වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් පවසමින් රොකට්ටුව ගුවන්ගත කරන අවස්ථාවට සහභාගි වන බව පැවසූ බව ද ගිහාන් සිසුවා පැවසීය. 

තමන්ට මෙම රොකට්ටුව නිෂ්පාදනය කිරීමට රුපියල් 50,000ක පමණ මුදලක් වැයවූ බව පැවසූ ගිහාන් මෙය ගුවන්ගත කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දෙක යොදා කිලෝ මීටර් 20ක දුරක් යැවීමට රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් වැයවන බව ද කීය. 

මෙය නිර්මාණය කිරීමේ දී බණ්ඩාරනායක විද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණ විෂය භාර ආචාර්ය රවීන්ද්‍ර දිවුල්වැව මහතාගේ මගපෙන්වීම ලැබුණු බව පැවසූ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා; තමන්ට මෙම තාක්ෂණය වැඩිදියුණු කිරීමට සහය ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නම ඉහළ තැනකට ගෙන යාහැකි බව ද කියා සිටියේය. 

මෙම රොකට්ටුව ගුවන්ගත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි අවසරය ලබා ගැනීමෙන් පසුව ලබන මස දී කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ දී ගුවන්ගත කරන බවත් මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනය කිරීමට අදහස් කර සිටින බවත් ඔහු සඳහන් කළේය. 

 



අදහස් (24)

ගම්පහ බණ්ඩාරනායක සිසුවෙක් පළමු රොකට්ටුව හදයි

Uditha - London Monday, 15 October 2018 04:25 AM

මෙන්න අපේ සම්පත්... අගය කරන්න ඕන දෙයක්.. නමුත් දුකට කාරණයක් වෙන්නේ ලංකාවේ ඉගෙනගෙන හොද මොලයක් උන දවසට රටට නෙමේ වෙඩක් වෙන්නේ පිට රටට.. රටේ පාලකයෝ දන්නේ නැහැනේ බුද්ධිමතුන්ගෙන් වැඩක් ගන්න.. ඉතින් බුද්දිමතුන් පිරිස වෙන රටවල් වලට ගිහින් ඒ රටවල් වලට සේවය කරනවා..ඕක තමයි සත්‍යය...

:       2       117

OMG Monday, 15 October 2018 04:29 AM

විශිෂ්ටයි. උණුසුම් සුභ පැතුම් ගිහාන්....

:       0       108

නිමල් සරදියෙල් Monday, 15 October 2018 05:01 AM

මෙයට ඉහල ප්‍රචාරයක් නොදෙන්නේ ඇයි?

:       0       105

himal Monday, 15 October 2018 05:13 AM

මේ පළමු රොකට්‍ටුව බව තහවුරු කළ හැකිද? අසා ඇති අන්දමට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් මීට වසර 30-40කටත් පෙර සාර්ථකව රොකට්‍ටුවක් ගුවන් ගත කර තිබෙනවා.

:       315       303

සමන්ති Monday, 15 October 2018 05:57 AM

1960දශකයෙදි ආනන්ද පාසල් සිසුවන් විසින් රොකට්ටුවක් සාර්ථකව ගුවන්ගතකල බව එවකට සඟරාවක පින්තුර සමගින් පලව තිබුණා.

:       72       62

ෂෙහාන් Monday, 15 October 2018 06:19 AM

අනේ මගේ අත්තරන් පුතේ... ලංකාවේ නම ඉහලටම ඔසවා තබා අවසන්... හොඳ පුතා වගේ විභාගේ හොඳට පාස් වෙලා නාසා එකට ඇප්ලයි කරපන්...

:       2       108

KANDEPOLA Monday, 15 October 2018 06:27 AM

පළමු රොකට්ටුව කියන්නේ, මේ ආණ්ඩුවේ පළමු රොකට්ටුව කියන එකයි. කලින් ආණ්ඩුත් කරේ ජනතාවට රොකට් ඇරපු එක තමා. එකනේ ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි කියා කියා උඩ ගිහින් ඉන්නේ.

:       80       87

Nuwan Monday, 15 October 2018 06:29 AM

මම උගත් පාසල , ඔබට ජයෙන් ජය

:       56       28

දිමුත් Monday, 15 October 2018 06:38 AM

ආනන්දෙ නෙමෙයි. මම කියවපු විදියටනම් නාලන්දේ සිසුන්. කෙසේ වෙතත් මේ සිසුවාගේ වෑයම සාර්ථක වේවායි පතමු.

:       0       32

Nuwan Monday, 15 October 2018 06:50 AM

මෙහෙම රොකට් යවලා වැඩක් නෑ. නිකන් සල්ලි නාස්ති කරලා අහස් කුරු යවනවා වගේ... ලංකාවට විදේශ විනිමයක් එන හෝ ඉතිරි කර දෙන ප‍්‍රයෝජනවත් යමක් ගැන වෙහෙසෙන්න.

:       989       575

සමන්ත Monday, 15 October 2018 07:17 AM

මේ සිසුවාගේ හැකියාවන් ඉතා ඉහලින්ම අගය කරනවා. මේ වගේ දෙයක් සාර්ථකව මීට පෙර කලත්, දැන් කලත් රටට වැඩක් වෙන විදිහක් තමයි ඕනේ. අහස කුරක් ලෙස නිකම්ම රොකට්ටුවක් ගුවන් ගත කල නොහැකියි. ඒ සඳහා විශේෂ අවසරය, තාක්ෂණික මෙවලම්, ඉහළ වායු ගෝලයට වෙන බලපෑම සම්බන්ධ දත්ත, අසල්වැසි යන්ට වෙන බලපෑම ආදියද සොයා බැලීම අවශ්‍යයි. මේ සඳහා පරිගණක සහයද අවශ්‍ය වේවි. ඒ සියලු දේවල් සහිතව හැමෝගෙම උදව්වෙන් වැඩේ සාර්ථක කරගත්තොත් ඔබත් දිනුම්, රටත් දිනුම්.

:       7       151

Sayimon Monday, 15 October 2018 07:22 AM

මහරජාගෙ කාලෙ කුමාරයා ඇරපු රොකට්ටුව අමතකද?

:       181       136

BuddikeMonday, 15 October 2018 08:10 AM

රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි, මැරියට් හෝටලේ, ඩොලර්ම බිලියන 18 ක්, ඒවාත් අමතක නෑනේද..?

:       58       152

Hafeel Monday, 15 October 2018 07:52 AM

රටතුල ඉන්නවා වටිනා සම්පත්. එදා දුම්රිය එන්ජිමේ දෝෂය හඳුනා ගත්තු තරුණයක්. දැන් මෙයා තවත් සම්පතක්. තවත් ඇති. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මේගැන අවදානය යොමුකළ ඔවුන්ගේ අනාගතය සහ රටේ අනාගතය ගැන සැලිකිල්ලට ගතයුතුයි.

:       0       47

lankaputha Monday, 15 October 2018 07:57 AM

තවත් එක වතුරෙන් දුවන කාර් එකක් නොවේවා.

:       0       50

sirimal Monday, 15 October 2018 08:07 AM

මේ.. මේ.. බොරු කියන්න එපා... අපට ඉන්න එකම රොකට් විශේෂඥයා ඔයිට කලින් අපේ කොඩිය ගහපු රොකට් එකක් අජටාකාශයට ඇරියා මතක නැද්ද? එයාගේ තාත්ත ඉල්ලගෙන කෑවේ නැත්තන් මෙලහකට අපි පිට සක්වලටත් ගිහිල්ල.

:       1       221

Samathasena A . Aluthgamage. Monday, 15 October 2018 09:08 AM

මේ සුපිරි මොළකාර දරුවා ගැන සටහනක් නොතිබ්බොත් එය ජාතික වගකීම පැහැර හැරීමක් ලෙසයි මා සිතන්නේ. අනාගතයේ යම් දිනෙක රටට විශාල වශයෙන් විදෙස් විනිමය ඉපයීමට ඔබට වාසනාව ලැබේවා. ඔබගේ වටිනාකම දේශපාලකයන්ටද අවබෝධ වේවා.

:       1       78

Dananjaya Monday, 15 October 2018 11:51 AM

සුබපැතුම් ඇත්තටම සතුටුයි. Elon Musk spaceX එක පටන් ගන්නකොට එයාටත් ගොඩක් බාධක ආවා. බාධක එයි. හැබැයි ඒවාට සාර්ථකව මුහුණ දුන්නොත් ලංකාව ලෝකයේ ඉහළටම ගෙනියන්න පුළුවන් වෙයි.

:       1       30

Sameera Monday, 15 October 2018 12:04 PM

ඕවට කියන්නෙ kandy rocket කියලා. පොටෑසියම් නයිට්‍රේට් සහ සීනි කවලම් කරලා රත්කරන්න ඕන. ඊට පස්සෙ බටයකට පුරවලා පත්තු කලහම උඩ යනවා. ඕවා වෙන රටවල් වල ළමයි විනෝදයට කරන දෙයක්. මේක අභ්‍යයවකාශයට යවන රොකට් එක්ක සංසන්දනය කරන්නවත් බැ. මේ ළමයාගේ විද්‍යාවට තියෙන උනන්දුව සහ ප්‍රායොගිකව යමක් කිරිමේ හකියාව අගය කරන්න ඕන.

:       81       5

හොඳ බොක්කා Monday, 15 October 2018 07:02 PM

මේ ඔයා කොහොමද දන්නේ සීනි කලවම් කරනවා කියලා. බොරු කතා හදලා මේ ළමයට මඩ ගහන්න එපා.

:       12       47

cyberWednesday, 17 October 2018 05:04 AM

රටේ පාලකයෝ දන්නේ නැහැනේ බුද්ධිමතුන්ගෙන් වැඩක් ගන්න. ඉතින් බුද්ධිමතුන් පිරිස වෙන රටවල් වලට ගිහින් ඒ රටවල් වලට සේවය කරනවා. ඕක තමයි සත්‍ය, ඕවා වෙන රටවල් වල ළමයි විනෝදයට කරන දෙයක් බව ඇත්ත නමුත් අපි අගේ කරන්න ඕනේ අපේ රටේ තරුණයින් මේවගේ පර්යේෂණ කරන එකට. අපේ රටේ තියෙන සම්පත් ආර්ථික දුෂ්කරතා වලට උදව්වක් තිබුනානම් ලංකාව මීට කලින් හොද තැනකට ගෙන්න තිබ්බා, කවදාවත් නවෝත්පාදකයන්ට නිසි තැන හම්බ උනේ නැහැ අනික පර්යේෂණ වලට කවුරුත් උදව් කරෙන්නේ නැහැ ඇත්තටම, ලංකාව හරිම ආත්මාර්තකාමි රටක් වෙලා තියෙන්නේ හැමෝම හිතන්නේ එහෙමයි, ඒක නිසා තමා ලංකාව තාමත් එක තැන සුද්දගේ කාලේ ඉදන් පාවා දීම, අනිත් අයට ඊර්ශ්‍යා කිරීම, තමුන් ගැන විතරක් හිතීම නිසා නිසා තමයි හැමදාමත් ලංකාව තුන් වෙනි ලෝකයේ රටක් වුනේ. දැන්වත් ඒ පටු අදහස් වලින් වෙනස් වෙන්න බලන්න. මේක දේශපාලනයට අදාලම නැහැ එක රටක ඉන්න හදවතින්ම ශ්‍රී ලාංකිකයෙකු වෙන්න වචනයට වඩා එක සමාජයට හොද දෙයක් වෙයි.

:       0       32

anura Tuesday, 16 October 2018 04:17 AM

මෙම සිසුවාගේ මෙම නිපදවීම ගැන ප්‍රශංසා කිරීම හා ඔහුට අනාගතයේදී නිර්මාණ කිරීමට අනුබල දිය යුතු වුවත්, ආරක්ෂක තත්වය ඉතාම දුර්වල තත්වයක පවතින රටක මෙවැනි අත්හදා බැලීම් වලට අනුබල දීම කොතරම් ඥානාන්විත දැයි දෙවරක් සිතා බැලිය යුතුය. ඔහු පවසන අන්දමට ඝන ද්‍රව්‍ය යොදා ක්‍රියාත්මක රොකට්ටුවක් ක්‍රියා කිරීම ආරම්භ වූ පසු බාහිරව කිසිම පාලනයක් කළ නොහැකිවේ. එය හරියට අහස් ගුංඩුවක් ආකාරයට ඒ මොහොතේ පවතින තත්වයටතේ යම් ඉලක්කයක් කරා ළඟා විය හැක. කවුරු හරි මෙහි කෙළවරට පුපුරණ ද්‍රව්‍ය සවි කළ හොත් සහ නිපදවන්නා පවසන ආකාරයට කිලෝමීටර 20 දුරට යැවිය හැකි නම් මෙය ඉතාමත් භයානක අවියක් විය හැක. සේනාධිනායක තුමා මෙම අංශයෙන් ප්‍රවීනයෙකු නොවී මේවාට පොරොන්දු දීමට යාමෙන් අනවශ්‍ය කරදර වලට මුහුන දීමට සිදු විය හැක.

:       8       31

lakmal Friday, 19 October 2018 01:29 PM

ගොඩක් හොඳයි..

:       0       0

සෙනෙවි Saturday, 20 October 2018 02:27 AM

රොකටය යන නම ඇසූ පමණින් කල බල විය යුතු නැත. රොකටයක් නිකන් යැවීමෙන් පලක් නොමැත. එය එවිට නිකන් අහස් කූරක් පමණි. එයින් එක්කෝ නිරුපද්‍රිතව යමක් ඉලක්කයකට ගෙන යා හැකි විය යුතුය එක්කෝ මගින් ප්‍රවාහනය කල හැකි විය යුතුය. නැතිනම් අභ්‍යවකාශයේ අප රටේ තැනූ සැටලයිටයක් තැන්පත් කිරීමේ හැකියාව තිබිය යුතුය. මා දන්නා හැටියට ඒ සඳහා පොලවෙන් නික්මුම් ප්‍රවේගය පැ සැ 25000 කට වඩා අධික විය යුතුය. මා ඉහත කී දෑ සඳහා කොපමණ දුරක් යා යුතුද? උත්සාහය අගය කල යුතුය.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 98 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 203 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 242 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 345 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 131 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1156 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39117 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25579 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site