
(*** රංජන් කස්තුරි සහ *** දෙවොලපොළ කීර්ති ප්‍රනාන්දු)
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් 200 කට ආසන්න පිරිසක් ඊයේ (27) පස්වරුව වනවිටත් රෝහල්වලට රැගෙන ගොස් නොතිබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
රෝහල් හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් එම රෝගීන්ට නිවෙස්වල රැඳී සිටීමට සිදුවී ඇති බව ද එවැනි තත්ත්වයක් රෝගය පැතිරයාමට සහ රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්නවීමට හේතු විය හැකි බව ද සෞඛ්‍ය අංශ කියයි.
එම රෝගීන් සියලු දෙනාම ඉකුත් 18 වැනි දිනෙන් පසුව ආසාදිත බවට හඳුනාගත් රෝගීන් බව ද පැවසේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීපදෙනකුම සඳහන් කළේ රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ ලැබෙන ආකාරයට එම රෝගීන් ඒවාට යොමුකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙන් හොඳම කෝවිඩ් පාලන රටවල් අතරින් 10 වැනි ස්ථානය නේද අපි ඉන්නේ..?