IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගම්පෙරළියේදී සිදු වූ දූෂණ වංචා සොයන්න කමිටුවක්

(දසුන් රාජපක්ෂ )
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන කොයෙකුත් ආකාරයේ වංචා දූෂණ සොයාබැලීමේ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
 
ඉකුත් 2 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට තමන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (7) ප්‍රකාශ කළේය.

ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කළ කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් පිරිසක් කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලා අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් සොයා බලා අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත කරුණු දැක්වූ බවද ඩග්ලස් දේවානන්ද මහතා සදහන් කළේය.

එක් චන්ද කොට්ඨාසයකට රුපියල් මිලියන  300 බැගින් කිළිනොච්චිය දිස්ත්‍රික්කයට ලබා දී ඇති මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධි කිහිපයක් එහිදී අනාවරණය කරගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.

යහපාලන ආණ්ඩුවේ කැබිනට්  අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සදහා 2018 වසරේ ආරම්භ කරන ලද ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්ෂේත්‍ර 12ක් ආවරණය වන පරිදි සෑම චන්ද කොට්ඨාසකම ක්‍රියාත්මක කෙරුණි. 

 



අදහස් (0)

ගම්පෙරළියේදී සිදු වූ දූෂණ වංචා සොයන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site