හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව නගරයේ තිබූ ආපන ශලාවකට (11) අද අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගතවීමටත් මත්තෙන් අදාල ස්ථානය තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කර තිබුණි.
ආණමඩුව නගරයේ ව්‍යාපාරිකයින් හා ජනතාව අතර ඉතා හොඳ ලෙන්ගතු කමින් සිටි ව්‍යාපාරිකයකුගේ කඩයකට මෙලෙස ගිනි තබා තිබිණි.
එම ව්‍යාපාරිකයාට සාධාරණයක් ඉටු කරමින් ආණමඩුව නගරයට කළු පැල්ලමක් එක් කිරීමට උත්සහ කළ කඩාකප්පල් කාරින්ට පාඩමක් කියා දෙමින් ගිනි ගෙන විනාශ වූ ආපන ශාලාව යලි සකස් කර දීමට කටයුතු කටයුතු කර තිබුණි.
මෙම ගිනි ගැනීමෙන් අසල තිබූ දුරකථන වෙළෙඳ සැලකටත් බුලත් විට අලෙවි කරුවකුගේ කුඩා පෙට්ටි කීපයකටත් හානි වී තිබුණු අතර ඒවාද යලි පිළිසකර කිරීමට ව්‍යාපාරික සංගමය කටයුතු කළේය.
මේ කටයුතු සඳහා සිංහල , දෙමළ , මුස්ලිම් සියලු දෙනාම එක්ව තම දායකත්වය දක්වන ආකාරය දැක ගත හැකි විය.




COMMENTS
ඔන්න මිනිස්සු ... අජාසත්තලා දුවනවා මේවා දැක්කම....
ගිනි තැබුවාට පසුව හදා දෙන එක නොවේ විසඳුම .. ඕක රටේ ඇතිවෙන අරගලවලට යොදන තාවකාලික විසඳුමක් නේ ?එම අරගලයන රටේ කවදාවත් ඇතිනොවීමට කලයුතු කාර්යයයි නිසි පිළියම ..එහෙම දෙයක් ඇති වේවි කියා සිතීමත් සිහිනයක් කියලයි මගේ අදහස .
ජයශ්‍රී ජයශ්‍රී.
අනේද කියන්නේ අර නාය යෑම වලින් ගංවතුරෙන් බොන්න වතර බිඳක් නැති මෙකි නොකී අවතැන් වූ අහිංසකයන් වෙනුවෙනුත් මෙවන් කඩිනම් උදව් උපකාර ලැබෙනවා නම් මොනතරම් අගේද
මේ "ජාතිවාදී" යයි කියන පහරදීම්. ගිනි තැබීම් වැනි දේ ගැන පසු පසින් ඇත්තේ, තව කෙනෙකුගේ දියුණුවට ඇති ඉරිසියාවයි.
හොඳ ආදර්ශයක්.
ඔහොම තමයි ඉන්න ඕනේ..රටටම ආදර්ශයක්.
ජයවේවා !! ජාතිවාදීන් භංග වේවා !!
පිංතුර තිබුනානම් තවත් හොදයි
යුද්ධයකට අත වනන දේශප්‍රේමින්ව ජනතාවට පෙන්වන්න.
ජයවේවා !! ජාතිවාදීන් භංග වේවා !!
පුරාවස්තු විනාශ කරන අය. ජාතිවාදී කැලා කපන්නවුනුත් මේ වගේ ඉක්මනට අත්අඩංගුවට ගත්තා නම් අද ඔය ප්‍රශ්න මොකුත් නෑනේ.
අගය කල යුතු වැඩක්
ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා ... රටකට ගිය කලක්...
ඉතාම වටිනා වැඩක්! ආදර්ශය පටන් ගන්න ඕන ගෙදරින් කියනවනේ. මේකට ආණ්ඩුවෙන් ඇවිත් කොමිසමක් එහෙම දාලා විසඳුම් දෙනකොට අර මනුස්සයා බංකොලොත් ගහලා ඉවරයි. ආණ්ඩුවෙන් දෙන දෙයක් දෙන්න. ඒ අතරේ අපේ සැබැ මනුස්සකමත් පෙන්වන්න.