(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
අධික වර්ෂාවත් සමග හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල පෞද්ගලික ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක් අද (07) පෙරවරුවේ සම්පූර්ණයෙන් කඩා වැටුණි.
අඟහරුවාදා (06) පස්වරු 5.00 ට පමණ මෙම ගොඩනැගිල්ල ගිලා බැසීමට පටන්ගෙන තිබිණි.
එම ගොඩනැගිල්ල බෑවුමේ පදිංචි පවුල් දෙකක සාමාජිකයන්ට ඉවත්වන ලෙස උපදෙස් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා පැවසීය.
ගිලා බැසීමට ලක්ව ඇති ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් පමණක් රථ වාහන ධාවනයට විවෘත කර ඇති බව ද ස්ථානාධිපතිවරයා පවසයි.
අවදානම් නිවාසවල පදිංචිකරුවෝ තාවකාලිකව ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල පදිංචිව සිටිති.


(ඡායාරූප-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)



(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ක්‍රිටි වනාන්තර මිහිකතට දරන්නට බැරිතරම්. දැන්වත් දුර්වල පාෂාණ ඇති තැන්වලට නිදහසේ තියෙන්න ඉඩ හරින්න