IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ගත වූ සිව් දින තුළ චීනයේ සිටි ලාංකික සිසුන් 559 ක් ලංකාවට ඇවිත්

( තිළිණි ද සිල්වා )

 චීනයේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 559 දෙනෙකු ගතවූ  සිව් දින තුළදී මෙරටට පැමිණ ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

 ඒ අනුව මෙලෙස දිවයිනට පැමිණියේ  බීජිං අගනුවර ඇතුළු අනෙකුත් සෙසු නගර වල ඉගෙනුම ලබමින් සිටි සිසුන් යැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.
 
මෙම පිරිස ඉකුත් 27 වැනිදා සිට අද (30) දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත් යානා වලින් හා වෙනත් ගුවන් සේවාවන්ට අයත් යානා වලින් පැමිණි බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සදහන් කළාය.
 
මීට අමතරව කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වූ චීනයේ  වූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් 33 දෙනෙකු   යළි මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සදහා තවමත් චීන බලධාරීන් ගේ නිසි අවසරය චීනයේ  බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී නොමැති බවද ඇය සදහන් කළාය.
 

මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට අවසරය ඉල්ලා ඉකුත් 26 වැනිදා  අයැදුම්පතක් චීන රජයේ බලධාරීන්ට ඉදිරිපත් අතර , එම අවසරය ලැබුණු වහාම ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සිදු කරන බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව සදහන් කළාය.
 
 එතෙක් එම පිරිස සිය උසස් අධ්‍යාපන කටයුතු වල නිරත නේවාසිකාගාර වල රැදී සිටින අතර ඔවුන්ගේ දෛනික අවශ්‍යතා කටයුතු බීජි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සොයා බලමින් සිටින්නේ යැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
 
කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වූ චීනයේ  වූහාන් නගරයේ සිටින ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට දැනට සිටින ස්ථානවලින් පිටතට යාමට අවසර ලබාදුන් විගසල මෙම ගුවන් යානය ගොඩ බැස්සවීම ක්‍රියාවලිය කඩිනම් කිරීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ විදේශ අමාත්‍යාංශය සහ වූහාන් ප්‍රාන්තයේ විදේශ කටයුතු කාර්යාලය සමග සමීපව කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
 

චීනයේ සිටින අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබදතා අමාත්‍යාංශය,  බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ගත වූ සිව් දින තුළ චීනයේ සිටි ලාංකික සිසුන් 559 ක් ලංකාවට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site