(විනීතා එම් ගමගේ)
ජනාධිපති අපේක්ෂකයා ලෙස පිවිතුරු හෙළ උරුමය යෝජනා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කළත් සිරගෙදර තබාගෙන ඔහු වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
සිරගත වී සිටියදී මැතිවරණය ජයගැනීම ඉතා පහසු බව අතීත අත්දැකීම් වලින් පෙනී යන්නේ යැයි කී ගම්මන්පිල මහතා මේ අවස්ථාවේ එවැනි උදව්වක් එජාපයෙන් ලැබෙනවා නම් එය මහඟු උපකාරයක් වනු ඇතැයි ද කියා සිටියේය.
එජාපය පරාජය කළ හැකි පුළුල්ම සන්ධානය බිහිකළ යුතු යැයි ද එහි දී මෛත‍්‍රිපාල සිරිසේන මහතා යම් ගෞරවනීය තැනෙක තැබිය යුතු නම් ඒ සඳහා ද සහය දීමට සූදානම් යැයි ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂක විය යුතු ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර අගමැති විය යුතු මහින්ද රාජපක්ෂ මහතා යැයි තම පක්ෂය වසර හතරක සිට කරන ප‍්‍රකාශය අද මුළු රටම පිළිගෙන අවසන් යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ බැලිය යුත්තේ අපට ඇමැති ධූර කියක් ලැබේද වැනි දේ පිළිබඳව නොව එජාපය නියතවම පරාජය කළ හැකි පුළුල් පෙරමුණක් බිහිකිරීම ගැන පමණකැයි හෙතෙම සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ ඇඹුල්දෙණිය මැක්රින් හෝටලයේ අද (7) පැවැති පිවිතුරු හෙළ උරුමයේ විශේෂ මාධ්‍ය හමුවක දීය.
ජනාධිපතිතුමාට දෙගිඩියාවක් ඇති වී ඊළඟ මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අසන්නට යන බවට ලොකු රාවයක් පැතිරෙමින් ඇතැයි කී ගම්මන්පිල මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක් වන අතර 2005 දී අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කලේ ජනාධිපතිවරයා දිවුරුම් දුන් දින සිට සිය ධූර කාලය පටන් ගන්නා බව යැයි ද පෙන්වා දුන්නේය.
වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 09 දා බැවින් ඔහුගේ ධූර කාලය එදා සිට වසර පහකින් එනම් 2020 ජනවාරි 09 දා අවසන් වන බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31(3* වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි කාලයක් තුල ඊ ලඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි ද ඒ අනුව 2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි දහෙතෙම කියා සිටියේය.
COMMENTS
ගෝඨා හිරේ බැරිනම් කරේ තියාගෙන ඡන්දෙ කළත්, අපට පවුල් සමාගම, බොරු පොරොන්දු දුන් සියලු දෙනාම එපා වී ඇත. රට පාලනය කිරීමට මේ පරණ ඔළුගෙඩි ටික පැත්තකට දමලා අලුතෙන් කණ්ඩායමක් පත්කරගත යුතුය...
කාඩ්බෝඩ් වීරයින්ට වෙන මොනවා කරන්නද? දැන් හොරාකන්න බැරිව බොක්ක වේලෙනකොට අලුගෝසුවා හරි ඉලක්ක කරගෙන ඡන්දය දිනන්න ඕනෑ.. හිතන් ඉන්නේ ජනතාව කියන්නේ 225 වගේ ගොන් රැලක් කියලා... මේවගේ අයට ඡන්දෙ දෙන උන්ට විශේෂ පාඨමාලාවක් කරන්න ඕනෑ... රට බේරාගන්න...
ඔව් රටට මොන හෙනේ පාත් වුණත් කමක් නැහැ. අපේ දේශපාලනය නිසා අපි ගොඩ යනවා නම්... මේ ගොල්ලන්ට රට ගැන කැක්කුමක් නැහැ. මෙයාගේ මුළු පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.. ජනාධිපති වෙන්න ඉන්න කෙනාගේ මුළු පවුලම ඉන්නේ ඇමෙරිකාවේ.. ඔය තරම් රටට ආදරේ නම් ඇයි අපේ රටට වෙලා ඉන්න බැරි? මේ ගොල්ලෝ රට කාලා තමන්ගේ පවුලේ අයව යවනවා පිටරට. ඒ වුණාට සරමයි, බැනියමයි ඇඳගෙන අහිංසක ජනතාව මුලා කරනවා.. මේ වගේ කපටි නරින්ට රැවටෙන්න එපා.. හිරේ යන්න ඕනෑ තමයි හොරකම් කළාම .. හොරෙක් ජනාධිපති වෙනවා කියන එකත් ලොකුකමක් වෙන්න ඇති. අනේ අපේ අහිංසක ජනතාව මේ වතාවේවත් මෝඩ නොවේවා...!!!
පසුගිය අසාර්ථක බල පෙරළියේදී ඇති කරගත් පොරොන්දු ප්‍රකාර අනුව, ඔය කියන ගෞරවනීය තනතුරු තීන්දු වන්නට ඇත. ඒවා ඔබට දැන් තීන්දු කළ නොහැක. පොරොන්දු කඩ කිරීම වංචාවක් බැවින් අයහපත් විපාක භුක්ති විඳීමට සිදුවේ. එනිසා ශ්‍රීලනිපය සමග ගනුදෙනුවේදී, ඔහොම කේවල් කරන්න ගියොත්, එහි ප්‍රතිඵල ගුණ නැති වේ. අනෙක් පක්ෂවලට දොස් තැබීම මෙහිදී සුදුසු නැත.
හිරකාරයෙක් කූඩුවේ තියාගෙන ජනාධිපතිකමට ගේන්න ඔලුවේ අමාරුවක් එහෙම තියනවද? කරුණාකරලා ඡන්දෙට ඉස්සෙල්ලා මොලේ ස්කෑන් එකක් කර ගන්න.
නැත්නම් ගොඩයන්න අමාරුනේ. විකුණන්න සටන් පාඨයක් නැහැ වගෙයි.
බයවෙන්න එපා.. එක්සත් ජාතික පක්ෂය, ඔයාලගේ පොහොට්ටුව, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු 225ම මේ පාර ගෙදර යවනවා. මේ පාර බැරි වුණත් ලබන ජනාධිපතිවරණෙන් අනිවාර්යයෙන්ම යන්න වෙනවා. දේශපාලකයින්ගේ බොරුවලට රැවටිලා පක්ෂවලට බෙදිලා හිටපු අය දැන් එක්කෝ වලපල්ලට ගිහින් නැත්නම් හොඳටම වයසයි. දැන් ඉන්න පරම්පරාව ඔයාලට රවට්ටන්න බැහැ....
නැතුව පුතේ නැතුව. සිංහල අපිට ඕනේ නම විතරයි වැඩ එයාගෙන්....
අනේ මෙහෙමත්...
හිරේ යන බව විශ්වාස කරන නිසාද මෙහෙම කියන්නේ? එහෙම නම් හිරේ යන්න වරදක් කළ බවත් පිළිගන්නවා විය යුතුයි.
ඇයි අනේ එයා... ඔයා ඉල්ලන්නකෝ...?
කොහොමහරි වැඩේ ගොඩදාගන්න එපෑයැ. නැතිනම් පෙළ ගැහිලා තියෙන නඩුවලට මෙයාටත් හිරේ යන්න වෙන්නේ...
ඊට නරකද අර ඕස්ට්‍රේලියන් ජාතික බ්‍රයන් ෂේඩ්‍රික් ජනාධිපති කර ගත්තොත් එතකොට ඔහුට පොලුතියාපු නඩුවත් ෂේප් කරගන්න පුලුවන්... නැතිනම් ගෝඨාභයටයි දෙන්නට එකම බන්ධනාගාරයක ෂෙල් දෙකක තැටි පිඟානේ බත්කන්ට පුළුවන්...
ඔය ආවේ කෙසෙල්කැන.. තව චුට්ටකින් හොරාත් ඔතනින්ම මතුවෙයි.
කොහොමහරි ඔබ විමලේ, මලයත් එකතුකරගෙන මහින්ද මහත්මයාට කල වැඩේම ගෝඨාටත් කරන්න. ගෝඨා හිරේ යවලා හරි ගෝඨාගේ කරමතින් ඔබලත් ගොඩ යන්න.
බොරුව දැනගෙන හොඳට වටහාගෙන එම බොරුව නැවත නැවතත් කියන ඔබ බුද්ධිමතෙක් නොවේ...
පිරුවට ඇඳගත්තට ඉතින්...
නඩුව හරියට ඇහුනනම් ඒ කාලෙට මෙයත් හිරේ..
ඡන්ද කරන්නේ කොහොමද සටකලා පොහොට්ටුවෝ ඇතුලේ හෙන වළිනේ. අපිට හරි සතුටුයි . කැමතියි ඒ සතුට බමුණත් එක්ක බෙදාගන්න .
ගෝඨාභය පිටින් තමන්ගේ වල ඉහගන්න බලන්නේ මිනිස්සු ගොන්නු කියලද?
මෙයා යන්නේ කඩේ නෙමෙයි, සුපර් මාර්කට්.
සුදු පිරුවට හැඳ.. කලෙක්ෂන් එකක් දාමුද රුපියල් සීය ගානේ ගෝඨා වෙනුවෙනුත්. ජොලි නේද?
ගෝඨා සරණ හැර වෙනසරණක් ඇත්තෙම නැතිද ? ආ මම දන්නවා ගෝඨා සරණ යදින්නේ මන්ද කියා. අහසේ තරු ගෙනා හැකිය නමුත් ගෝඨා ඒමට නොහැකිය.
නැතිනම් දුටුගැමුණු රජතුමා වගේ වැඩ කරාවිද? තමන්ගේ මට්ටමින් මයි අනික් අය ගැන සිතන්නේ...
"ආ මම දන්නවා ගෝඨා සරණ යදින්නේ මන්ද කියා... අහසේ තරු ගෙනා හැකිය. නමුත් ගෝඨා ඒමට නොහැකිය." මෙයා උදෙන්ම ඩෝප් වෙලා වගේ...