නාලක සංජීව දහනායක
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඍජුව දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (2) පැවසීය.
ඒ වෙනුවෙන් ප‍්‍රායෝගිත දේශපාලන වැඩසටහනක් සැකසීමට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත්, මෙම සතියේදී ඔහු කාර්යාලයට පැමිණීමට නියමිත බවත් මහාචාර්යවරයා කීය.
ජී එල් පීරිස් මහතා මෙසේද කීය.
‘ගෝඨාභය රාජපජෂ මහතාට දැන් දේශපාලනයට පැමිණීමට කාලය එළඹිලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු දැනටමත් යම් යම් ක‍්‍රියාවන් සිදුකරනවා. නමුත් ප‍්‍රායෝගික දේශපාලන වැඩ සටහනක් සකසන්න මෙම කාර්යාලයට පැමිණෙන ලෙසට අපි ඔහුට ආරාධනා කළා. එය ඔහුට ඉතාම වැදගත් දෙයක් වේවි. මෙම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ අය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ද සහභාගීවීමට නියමිතව තිබෙනවා. රාජපක්‍ෂ පවුල හා ඒකාබද්ධ විපක්‍ෂයේද කිසිම ප‍්‍රශ්නයක් නැතිබව එදාට දැකගන්න පුළුවන් වේවි . යැයිද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
COMMENTS
හිට්ලර් කෙනෙක් වගේද? නැත්නම් හමුදා පාලනයක් එක්කද එන්න ඕනෑ පඬිතුමනි..., වෙන ක්‍රම උපායක් නම් පෙනෙන්න නැහැ. වාසුදේව සහෝදරයත් අද කියලා තියෙන්නේ වියත් මඟ නෙවේ.. කියල නේද?
එතකොට ඔහුට එරෙහිව තියෙන අපරාධ චෝදනා ඉබේටම කැන්සල් වෙනවා නේද?
ඔබතුමාගේ වයස් සීමාව පැන්න නිසා දේශපාලනයෙන් යන්න කාලේ හරි....
එයාට දේශපාලනයට එන්න කෙසේ වෙතත් වැලිකඩ යන්න කාලය හරි, මෙයාට රාජපක්ෂලාට කඩේ යන එක නවත්තලා විශ්‍රාම යන්න කාලය හරි...
මේ අයට ඉතින් රාජපක්‍ෂ කෙනෙක් නැතුව පැවැත්මක් නම් නැහැ.
ගෝඨා දේශපාලනය පටන්ගන්න ඕන අන්තිම පඩියෙන් අඩුමගානේ ඇමතිකෙනෙක් වෙන්නවත් එයා දේශපාලනය පැත්තෙන් පරිණත නැහැ. මට හිතෙන විධියට නාමල් ගෝඨාට වඩා උඩින් ඉන්නවා නමුත් එයාටත් ජනාධිපති වෙන්න තව අවුරුදු 15 ක් වත් පළපුරුද්ද ලබාගන්න ඕන. මිනිහෙක් පරම්පරාවෙන් හරි වෙන වෘත්තියකින් හරි ජනප්‍රිය වීම රටක ජනාධිපති වෙන්න සුදුසුකමක් නොවේ.
මොන තරම් ඉහල වෘත්තීය අධ්‍යාපනයක් ලැබුවත් ඇතැම් මිනිනිසුන් ප්‍රායෝගික බුද්ධියෙන් සහ ප්‍රඥාවෙන් හීන බව සනාත කිරීමට ඉදිරිපත් කල හැකි හොඳම සාක්ෂිය මෙතුමා ය!
" පස් මහා බැලුම් " කාලය, දීපය කුලය ... මහ ඇදුරුතුමනි සියල්ල ගැලපේ නම් කමක් නැහැ.