( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් 24 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කර තිබේ.
අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුත් ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවු අතර එහිදී මෙලෙස තීන්දු කෙරිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්,පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මිග් යානා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල්හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීම සඳහා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට තමා කැඳවා ඇති බව පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙත්සමින් පෙන්වා දෙයි.එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.
එසේම මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය අගමැතිවරයාගේ උපදෙස් මත පිහිටුවා ඇති බවත් එය නීතියට වලංගු නොවන බැවින් එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ද හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙත්සමෙන් ඉල්ලයි.
මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගය අවසන් වන තුරු පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පැනවීය.
COMMENTS
"ගඟ හත් ගවුවක් තියා ගෝටා අමුඩ ගහනවා" කියන්නේ මේවගේ හිනා යන කතාවලට! වැරද්දක් කරලා නැත්නම් මොකොද බයෙන් වෙවුලන්නේ ? ඔහොම ගියොත් ප්‍රතිකාර ගන්න ඇමෙරිකාවට යන්නත් අවසර ඉල්ලාවි... ඒ අතරේ රටේ නීතියට අභියෝග කරන්නත් මේ පුද්ගලයා සුදානම් වීම ඇත්තෙන්ම එයාගේ බය එළිදැක්වීමක් නොවේද ?
ගොඨාභය දැන්නම් බය වෙලා මේ ගනුදෙනුව බරපතල වගේ මොනවා කරන්නද එල් ටි ටි විනසකල කියල රටේ මුදල් ගසාගෙන කන්න හොද නැහැ නේද රත්තරන් කියල පිහියෙන් එනගන්න බැහැ
එක ඇත්ත මංගල ගිය ආණ්ඩුව පරාජය කරපු නිසා මේ ආණ්ඩුවේ කට්ටිය මහා බැංකුව කොච්චර හොර කෑවත්, රට මොනතරම් අගාදයකට ඇද දැම්මත් කමක් නැහැ නේද.
තු නොදකින්... සිංහල ජාතියට , රටට මොන තරම් වැඩක් කරපු මනුස්සයෙක් ද..... මතක ඇති කාලේ ක අපේ රටේ ගුණමකු සත්තුන්ට සත පහක වැඩක් කරන්න හොද නැහැ .
අමාලි, අනිල් ඔබ වැනි අය අගය කල යුතු. මටත් මේ සමහර සිංහල නම් වලින් පෙනී ඉදගන අදහස් දාන මියගිය LTTE අවතාර ගැන හිරිකිතයි.
ගුණමකු කමේ සීමාවක් තියෙන්න ඕනේ.තමන්ගේ පක්ෂය වෙනුවෙන් කඩේ යන මිනිස්සුන්ට රට ජාතිය වෙනුවෙන් වැඩ කරපු මිනිසුන්ව මැරුවත් කමක් නෑ තමන්ගේ පක්ෂයේ නොවන නිසා.අත් අඩංගුවට ගන්න වරදිකරයෙක් වෙන්නම ඕනේ නෑ .චෝදනාවක් හොඳටම ඇති.මොනවහරි චෝදනා ටිකක් ගොනු කරලා මේ මනුස්සයව ඇතුලට ගන්න දගලන බව රටට ජාතියට ආදරේ ඇති ඕන මනුස්සයෙක්ට තේරෙනවා..
අනිල් කියන ලෙසට එහෙනම් ගෝටලා සේවය කරතිබෙන්නේ සිංහල ජාතියට පමණයි ?? රටේ සිංහල නොවන අන් පුරවෙසියන් ගොටලගේ ආණ්ඩුව ඔවුන්ට නොසලකා හෙරියා කියන එක ඇත්තක් එහෙනම් ???
සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කහම මැරිලා ඉපදිලද කියල හිතෙනවා. පන කෙන්ද රක ගෙන ඉන්නේ කවුරුන් නිසාද? කියල වගේ වගක් නැති අයට කියන්න තියෙන්නේ කණගාටුයි කියලයි.