IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ගැටළු විසඳුවේ නැත්නම් ගොවීහු අරගලයකට සැරසෙති

ගොවීන්ට බලපෑ ප්‍රධාන ප්‍රශ්න තුනකට කඩිනමින් රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටි .මේ ගැටළු ඉදිරිපත් කිරීම සදහා මාධ්‍ය දැනුවත් කිරීම 10 දින දඹුල්ලේදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ ගොවි නායකයන් කීපදෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි .

මේ මාධ්‍ය හමුවට බඩ ඉරිඟු ගස්, ගොයම් ගස් මෙන්ම රට හාල් හා හිස් උර රැගෙනවිත් තිබීම විශේෂත්වයකි.

නාමල් කරුණාරත්න මහතා පළමු කරුණ ලෙස කිවේ පසුගියදා ඇතිවූ හදිසි ආපදා තත්වය තුල අනෙකුත් විනාශයන් ගැන රජයේ අවධානය යොමු කළද සිදුව ඇති වගා විනාශයන් ගැන අමතක කර ඇති බවය. වහාම එම වගා විනාශයන් වලට වන්දි ලබාදිය යුතු බවය.

දෙවැනි කරුණ වුයේ දැනට රට පුරා වී වගාව ආරම්භ වී ගොයමට පළාත් අනුව වැපිරීමේ සිට පැල ගොයමට දින 45 පවා ගතවී ඇතත් මෙතෙක් සහනාධාර පොහොර මුදල් ලැබී නැති බවය. දින 5ක් කාලයක් තුල එම මුදල් ගොවීන්ට නොගෙව්වොත් අම්පාර නගරයෙන් විරෝධතා ආරම්භ කරන බවය.

තෙවැනි දැනුම් දීම වුයේ ආනයනික සහල් ප්ලාස්ටික් නොවන බව දැනුම්දීමත් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මේ සහල් වසර දෙකක කාලයක් කල් තබාගැනීමට හැකි බවට එම ඇසුරුම් පෙන්වමින් ප්‍රකාශ කිරීමත් සහල් ඇටයක කල් ඉකුත්වීම මාස තුනක් බවත් ය .වසර දෙකක කාලයක් කල් තබාගන්නට වස මුසු කර බව දැනුම්දීමය .

සිව් වැන්න වුයේ වී වගාව අඩුකර ඇමතිවරයා ගේ ඉල්ලීම පරිදි වගාකළ බඩඉරිඟු සඳහා මිලක් නැති බැවින් අද වනවිට ගොවින් බඩඉරිඟු කරල් ගස් පිටින් කිලෝව රුපියල් අටකට අලවි කරන බවය. නාමල් මහතා එම ගස් පෙන්වමින් කිවේ  රජය මේ ගොවි ප්‍රශ්නවලට වහා විසදුම් දෙන ලෙසය.

 

(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )



අදහස් (4)

ගැටළු විසඳුවේ නැත්නම් ගොවීහු අරගලයකට සැරසෙති

Rosheen Saturday, 10 June 2017 10:06 AM

ආපදාවකදි සහනාධාර දිය යුතුයි. නමුත් මෙයාලා ඉල්ලන්නේ සහනාධාර විතරද? නාමල් මහතා දන්නැති වුනාට මාස 3ක⁣⁣ට වඩා කල් තියාගන්න පුළුවන් සහල් තියනවා. බංගලි හාල් තියනවා වතුරෙ සති ගාණක් තිබ්බත් අවුල් වෙන්නැති. තවටිකක් ඒගැන ඉගෙන ගෙන එන්න...

:       4       25

samSaturday, 10 June 2017 10:25 PM

ඉස්සර අපේ ගෙදර ආහාරයට ගත්තේ හය මාසේ සිට වසරක් දක්වා පරණ වූ වී වලින් ලබා ගන්නා සහල් වලිනුයි. කන්නයක ගොයම් කපා අස්වැන්න හොඳින් වියළා එක වී පෙව්ට්ටියකට (දෙහි කොළ සහ තවත් කොළ වර්ග සමගින් සබ්බ පාපස්ස අකරණං ගාථාවත් කොලයක ලියලා ඒකට දානවා) දාලා අනිත් වී පෙට්ටියේ තියන පෙර කන්නයේ වී භාවිතයට ගන්නවා. අලුත් වී කිසිදිනක ආහාරයට ගත්තේ නැහැ. වී වලට, හාල් වලට කල් ඉකුත්වීමේ දින තියෙනවා කියලා කිව්වොත් අපේ මියගිය ආච්චිත් නැගිටලා එයිනේ....

:       0       0

himal Saturday, 10 June 2017 01:14 PM

මෙවැනි සහනාධාර මතම යැපෙන, ගොවීන් අනුනට අතපා ජීවත් වන තත්ත්වයට පත් කරවන සමහර දේශපාලකයෝ තමයි වස විස බෙදා හැරලා ඒකෙන් ජනතාව කුපිත කරවලා ජීවත් වෙන්නේ. හාල් ඇටවල විස තියෙනවා නම් මෙයාලා හදන හාල් වල ආසනික් නෑ කියලා ඔප්පු කරලා පෙන්වන්න.

:       4       29

Dash Saturday, 10 June 2017 04:14 PM

පොහොර සහනාධාරය තුළින් නිෂ්පාදනය වැඩි කිරීම වටිනවා. එවිට හාල් ආනයනය කළ යුතු වන්නේ නැහැ. ගොවීන්ගේ වරදින් නෙවෙයි ඔවුන් අද සහනාධාර මත යැපෙන්නේ. රුපියල් 80ක් වන නාඩු සහල් ගොවීන්ගෙන් මිලදී ගන්නේ රුපියල් 35ට. රජය සහනාධාර කපා හරින්නේ නම්, මෝල් හිමියන්ගෙන් ගොවියන් අරාක්ෂා කල යුතුයි. රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට නුවණැති තීන්දු ගැනීමට රජය අපොහොසත් වීම ගැන කණගාටු වන්නෙමි..

:       0       96

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site