(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම, රයිගම පැවැති සංගීත සංදර්ශනයක දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය බණ්ඩාරගම පොලිසියේ සැරයන්වරයකු පිහි ප්‍රහාරයකට ලක්ව හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

සැරයන්වරයාගේ පපුවට හා උදරයට පිහි පහර දෙකක් එල්ලවී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හොරණ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ සිසුවකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.