(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ගැටුම් වලට මුල්වී කටයුතු කළ බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා වහාම රටට හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (08) ඉල්ලා සිටියහ.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විවිධ අදහස් උදහස් ඉදිරිපත් විය.
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා
පාර්ලිමේන්තුවේ ඊයේ විමල් විරවංශ මහතා බරපතල ප්‍රකාශයක් කර තිබෙනවා එතුමා කිව්වා කුලියාපිටියේ කඩවලට ගිනි තියලා. ඒකට මන්ත්‍රීවරයෙක් සම්බන්ධයි පොලිසියට ඉහළින් ආපු බලපෑමක් නිසා ඔහු නිදහස් කරලා කියලා.
මේක සම්පුර්ණයෙන් අසත්‍යයි. පොලිසිය ඒ සම්බන්ධව වාර්තා කර තිබෙනවා. කඩ ගිනි තියලා නැහැ. සිද්ධි දෙකක් පමණ තිබෙනවා. කොත්තු දාන කඩයක වීදුරුවකට පහරදීමක් වෙලා තිබෙනවා. කිසිම මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරයකුට සම්බන්ධ කෙනෙක් අත් අඩංගුවට අරගෙන නැහැ.මේ වාගේ අසත්‍ය දේවල් කියමින් මේ කරන්නේ ජාතිවාදය ඇවිස්සීමක්. පොඩි ඡන්දයක් දිනල මෙහෙම ආරවුල් ඇති කරනවා නම් ලොකු ඡන්දයක් දිනුවොත් කොහොම හිටිද.
බන්දුල ගුණවර්ධන මහතා
රජයේ පුවත් පතක් වන ‘‘ දිනමිණ‘‘ පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස දක්වා තිබෙනවා අදිසි හස්තය හෙළිවෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙකක්, අලුත් පක්ෂයක ප්‍රදේශිය සභා මන්ත්‍රීවරු දෙකක්, මන්ත්‍රී ලේකම්වරයෙක් පක්ෂ සංවිධායකවරයෙක් කලහකාරී පළාත්වලට යොදවලා වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් කියලා මෙහෙම ජාතික පුවත්පතක පළවෙනි පිටේ දාන්නේ ඇයි ? අපිද ජාතිවාදය අවුස්සන්නේ තමුන්නාන්සේලාද ? මෙවැනි තත්ත්වයකට පත් වෙන්න එපා රටක් ගිනිගන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිරේ දාන එකද කරන්න ඕන. පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රබුද්ධ ස්ථානයක් .
නලින් බණ්ඩාර මහතා
මහනුවර තියෙන ජාතිවාදී අරගල වයඹට කුරුණැගලට ගේන්න උත්සහ ගෙන තිබෙනවා මේවා මේ එකපාරට සිදුවු සිදුවීම් නොවෙයි. පසුගිය කාලේ විරවංශලා ගම්මන්පිලලා වගේ ජාතිවාදය වපුරපු අය තමයි මේ ගින්නට හේතු වුනේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා
ලේක්හවුස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන පුවත් පත ආණ්ඩුවේ නිල මතය ප්‍රකාශ කරනවා කියලා අපි පිළිගන්නවා. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මේ දේවල් කියලා කියනවා. මමත් රූපවාහිනියේ සජීවීව දැක්කා එතැනදී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට කැබිනටි ප්‍රකාශකයා පැහැදිලිව පිළිතුරු ලබා දෙනවා මෙම ගැටුම් සඳහා මන්ත්‍රීවරු දෙදෙනෙකු හවුල් වී ඇති බව. නැවත පක්ෂයක සංවිධායකවරයෙක් හවුල් වී ඇති බවත් පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරු දෙදෙනෙක් මේ වන විට හවුල් වී තිබෙන වග , මන්ත්‍රීවරයකුගේ ලේකම් වරයෙක් හවුල් වී ඇති බව ඔහු නම් නොකියා දේශපාලන හස්තයක් තිබෙන බව තමයි පොදුවේ මේ කියා තිබෙන්නේ මේ කතා අනුව මේ දේවල් සඳහා දේශපාලන ක්‍රියාකාරීන්ට යටත්ව තිබී ඇති බව පැහැදිලි වෙනවා මහනුවර සිද්ධි පිළිබඳව අදිසි හස්තය හෙළිවෙයි දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා මේ ජාතිවාදය ක්‍රමානුකුලව වැඩිවෙමින් ආවා එය ගිනි කුරකින් ඇවිලෙන තරමට ඇවිත් තිබුණ. ඇති තරම් පෙට්රල් බිමට වක් කරලා තිබෙන්නේ මේ ජාතිවාදය තමන්ගේ දේශපාලන බල උවමනා වෙනුවෙන් මේ පතුරා තිබෙන්නේ මේ ක්‍රීයාවට මේ අය පිටස්තරින් ගෙන්වා තිබෙනවා බව ඉතාම පැහැදිළියි. ඒ නිසා මේවා ව්‍යංගයෙන් නොකියා පාර්ලිමේන්තුවට විස්තර ඇතුව කියන්න. ඒ නිසා අද දිනයේ ඒ නම්ගම් පාර්ලිමේන්තුවට හෙළිකරන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කල්දාන උප්පර වැට්ටියක් වෙන්නත් පුළුවන්.
"පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රබුද්ධ ස්ථානයක් " ඉන්න අයත් "ප්‍රබුද්ධ " කියලද ඔය කියන්න හදන්නේ ? දන්නෝ හොඳ හැටි දනිති වැඩිපුර ඉන්නේ පට්ට පල් දුශිතයෝ ටිකක් කියල..
පවතින ආන්ඩුවෙ තියෙන දුර්වලකම් වහගන්න ආන්ඩුව විසින්ම කරපු දෙයකි. මීලග ඡන්දයෙදි ඔබලාට මීටත් වඩා සැලකීමට අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.
කලබල නොකර පොකට් කාරයා අල්ලපන් කියා කියා දුවන්නේ නැතිව ඔයාලානේ දන්නේ ඔයාලම දන්න නැතත් ... සි . ටි . සි. වල ඇති පසු කාලයේ රටම දකීවි ...
"ප්‍රබුද්ධ ස්ථානයක් " හැම දෙනාම දන්නවා ප්‍රබුද්ධ දුශිතයෝ ඉන්න තැනක් කියල.
මේ කතාවත් අර පහුගිය දවස්වල බිලියන 18 දැක්කයි කියපු කතාව වගේද දන්නේ නැහැ. මේ පාර කියන කතාවත් රට නොමග යවන බොරුවක් නම්, මේ තැනැත්තා කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමිය යුතුයි.
හක්කේ දඩමස් ... දිවේ බුදුරැස්.... තොරතුරු එලිවුනාම කරපු අයට තරු පනිවි .මේ සිදුවීම් මහ ජනතාව දැඩි පිළිකුලෙන් හෙළාදකිනවා...
බළලා මල්ලෙන් එලියට පැනල වගේ...
අර , ලසන්ත , තාජුදින් , එක්නැලිගොඩ , ලාට වගේ මේවටත් එහෙම වේවි එකනේ ඔච්චර උඩ පනින්නේ
රටේ ජනතාව , අන්තවාදී ,ජාතිවාදී , ආගම්වාදී , පිරිස් ඉන්න පක්ෂය මොකක්ද කියල හොදින් දන්නවා .
මැත කාලයේ අන්තවාදය වැපුරුවේ කවුද මෙන කණ්ඩායමද කියා රටේ ජනතාව දන්නවා
රාජිත මේ රජය බලයට ආපු දවස ඉඳන් බොරු තමයි කියන්නේ. එහෙමනම්, රාජිතට ඇයි බැරි අදාළ මැති අමතිවරුවන්ගේ තොරතුරු පොලීසියට දෙන්න? මේවා ජනයා මුලා කරන බොළඳ කතාවල්. 2020 වෙනම පක්ෂයෙන් රජයක් බලයට ආවොත්, එකෙත් රාජිත ඇමති වෙනවා. මේක තමයි රාජිතගේ ඉතිහාසය.
රාජිතගෙන් අහල වැඩක් නැහැ. අගමැතිගෙන් අහන්න.
ඇත්ත නැත්ත කිරීම උත්තරීතර පාර්ලිමේන්තුවේදී සිදු නොවිය යුත්තකි. ඇතැම් දේශපාලකයෝ තමන්ගේ පාලනයකින් තොර මුඛරිකම මුලට ගෙන පාර්ලිමේන්තුව හරහා සමාජයට කතා කරන ආකාරය දියුණු සමාජයකට තරම් නොවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යනු දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයකු නොවන රටක වචාලයන් බිහිවීම බලාපොරොත්තු විය යුත්තකි.මානව පරිනාමය පිලිබඳ වැටහීමක් නැති නොදියුණු ගෝත්‍රිකයින් මහජන නියෝජිතයින් සේ පෙනී සිටීම නොවිය යුතුය.