(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ගම්මානයේදි ගජමුතු තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට කල්මුණේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සමත් වි තිබේ.
සයින්දමර්දු පාසලක් ඉදිරිපිට සැකකටයතු පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට පොලිස් බුද්ධි අංශ නිළධාරින් ගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරින් විසින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි මෙම ගජමුතු හමුවි තිබේ.
සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළ යතුරු පැදියද පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට සැකකරුවන් දෙදෙනා අද ( 09) කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එල්.රිස්වාන් මහතා නියෝග කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවුයේ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු වන අලිප්තා තම්බි මොහමඩි හස්නි අවුරුදු 30,සහ මීරා මුහඩීන් මොහමඩ් සලීම් 39 යන් පුද්ගලයින් දෙදෙනෙකි.


2025 දෙසැම්බර් මස 18
516
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1061
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජමුතු සමඟ සයින්දමර්දු ගම්මානයේදී තිදෙනෙක් අත්අඩංගුවට