IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනයේ අපරාධකරුවන් එම දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට අධිචෝදනා පත‍්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇප මත ඔහු මුදා හැරීමට අද  (27)  නියම කළේය.
 
රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියම කළේය.
 
මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අධිකරණයේ පෙනී සිටියේය.
 
වසීම් තාජුඞීන් ඝාතනයේ වැදගත් සාක්කි අතුරුදන් කිරීමේ සිද්ධියට ආදාළව සිදුකළ විමර්ශන වල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විත්තිකරුට එරෙහිව අධි චෝදනා නැඟීමට ගත් තීරණයකට අනුව අධිකරණ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකුට එරෙහිව අධි චෝදනා මත නඩු පවරන ලදී.
 
2012 මැයි මස දිනයක රත‍්‍රීයේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගනය අසලදී ගින්නට හසුව තිබු කේ.කිව්. 6543 දරණ කාර් රථය තුළ මියගොස් සිටි රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකිව තිබියදී ඔවුන් එම දඬුවමින් ආරක්‍ෂා කිරීම සදහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදන් කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා ඇත.
 
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාය.
 
2012 මැයි මස දිනයක රත‍්‍රීයේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගනය අසල කේ.කිව්. 6543 දරණ කාර් රථය ගිනි ගනිමින් තිබෙන  බව පදිකයකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 ට දෙන ලද දැනුම් දීමකට අනුව ගිනි නිවන හමුදාව පැමිණ කාර් රථයේ ගින්න නිවා දමා ඇති අතර පසුව එහි තිබී පිළිස්සී ගිය මොහොමඞ් වසීම් තාජුඞීන් නමැත්තාගේ මෘත ශරීරය සොයා ගෙන ඇත.



අදහස් (0)

කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 410 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 448 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site