(ඉන්දිකා රාමනායක)
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමූ බව එහි උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතා පවසයි.
පෙරදින සවස සිසුන් දෙපිරිසක් ගැටීම හේතුවෙන් සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මැදිහත්ව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වුවද ඊයේ(17) රාත්‍රියේ නේවාසිකාගාරයකදී යළි ගැටුම් හටගැනීම හේතුවෙන් මෙසේ විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමිණි.
COMMENTS
සල්ලි දීල නම් ඉගෙන ගන්නේ මෙහෙම ගහ ගන්නේ නැහැ. මොකද අතට පාඩු වෙනවා නේ.
අපේ කලේ හිටිය චන්ද්‍රසිරි නිරිඇල්ල සහ සිරිමල් රණවෙරැල්ල වැනි මහාචාර්ය වරුන් / උපකුලපති වරුන් කිසි දිනක මෙවැනි දේ නිසා විශ්ව විද්‍යාල වසා දැමුවේ නෑ.........එය මේකට එකම විසදුම ලෙස සැලකුවේ නැත.
දැන් මේවාට අදහස් පල කලොත් සමහරු අහවි වැස්සකටවත් සරසවියට ගොඩ වෙලා නැති උදවිය ගුටි කෙලි ගැන මොනවද දන්නේ කියලා !
ලංකාව තවම ම්ලේච්ඡද නැතිනම් අගාධ ප්‍රේත ලෝකයක්ද?
ගිරව් වගේ කටපාඩම් කරලා, විභාගේ පාස් වෙලා, තමන් නොගැලපෙන තැනකට පය තිබ්බම ඔහොම තමයි, ජන්මයෙන් එන මුග්ධ ගතිය අරින්න බැහැ. ඔය වගේ අයට පිනට උගන්වලා යම් තනතුරකට පත් කලත් වෙන්නේ, ඔලුව ඉදිමිලා අහිංසක ජනතාව අපහසුවට පත්කරන එක තමයි. දන්නා දේකුත් නැහැ, නොදන්නා දේකුත් නැහැ. වැඩ බැරි ටාසන්ලා පණ්ඩිතයෝ වගේ හැසිරෙන එක විතරයි සිදු වෙන්නේ. තමන්ට වඩා දක්ෂයින් දැක්කම වියරු වැටෙනවා.