දයාසීලි ලියනගේ
කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරු 119 දෙනාගේ දීමනාව රුපියල් 20,000 සිට 45,000 දක්වා වැඩි කිරිමට නියමිතව ඇත.
මන්ත්‍රී දීමනාව වැඩි කිරිම නිසා කොළඹ නගර සභාවට මාසිකව දීමනාව වැඩි කිරිමට යන වියදම ලක්ෂ 23 සිට ලක්ෂ 45 දක්වා වැඩිවේ.
COMMENTS
ගුරුවරුන්ටත් පඩි වැඩි කරන්න
නගරාධිපතිනියට ලක්ශ පනහක් දීලා වැසිකිලියක් හදනවාට වඩා, මංත්‍රී දීමනාව වැඩිකරන එක හොඳයි.
නැවතත් වැටුප් වැඩිකර ගැනීමක්. කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රීවරුන්ට රු.20,000/= සිට 45,000/= දක්වා. ජනතාව පුදුම කලකිරීමකින් ඉන්නේ. දේශපාලකයෝ මොකක්ද මේ කරන්නේ? අධීක්ෂණ මන්ත්‍රීවරයකුට ප්‍රවාහන දීමනාව රු. ලක්ෂ දෙකයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුටුවක් රුපියල් හයලක්ෂ හතලිස්දහසයි. ඒ අතර කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට 25,000 ක වැටුප් වැඩිවීමක්.කොළඹ නාගරික මන්ත්‍රීන් ගණන දෙගුණයක් වෙලා. මේ රෝගය ඉතා ඉක්මනින් අනෙකුත් ප්‍රාදේශීය සභාවලටත් පැතිරෙනවා. පාලකයෝ අත දිග හැරලා බෙදා ගන්නේ අපි හැන්ද ඒ අයට දුන්න නිසා.අපි කවුරුවත් මේ මහත්වරුන්ට දේශපාලනයට ඇවිත් සේවය කරන්න කියලා ආරාධනා කලේ නැහැ. ඒ අය කැමැත්තෙන් ආවේ . ඡන්දෙට වියදම් කලේ අත දිග හැරලා. ඇත්තවශයෙන්ම ස්වෙච්ජාවෙන් වැඩ කල හැකි අවංක මිනිස්සුන්ට භාර දීලා ඔය මහත්වරු වෙනත් රැකියාවක් සොයා ගන්න. ජනතාවට ගරු කරන, පොදු දේපල ගැන සංවේදී, ස්වෙච්ජාවෙන් සේවය කිරීමට කැමති ,දේශප්‍රේමී මිනිසුන්ට ඉඩදී මේ බඩජාරි පාලකයින් පන්නා දැමීමට පෙළ ගැසෙමු,
මේ දීමනාව මදි දහදිය හෙළා අපි වෙනුවෙන් අපේ සුබ සාධනය සඳහා කරන අනූපමේය මෙහෙයන් වෙනුවෙන් මේ දීමනාව ආණ්ඩු පක්ෂයට විතරද අනික් ජාති හිතෛශීන්ට නැත්ද. ඔය ඉන්න මුළු රොත්තම අපි තොපිට ගෙවෙන බදු මුදල්වලට නියම සේවයක් කරන්නේ නැතිනම් අපෙන් කකා අපිටම වින කරනවානම් අපි දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලි නැති නාස්ති කර කාබාසිනියා කරනවානම් තව වැඩි දීමනා ඉල්ලීම ගැන ලජ්ජා වෙයව් !!
දුම්රිය සේවකයින්ට පඩි වැඩි කරනවට අකමැති හිඟන මිනිස්සු නගර සභාවේ හොරුන්ට දීමනා වැඩි කරනකොට කිසි සද්දයක් නැහැ. අනේ අපේ රටේ ලක්ෂ 62. ඒ ගොල්ලො හිතන් ඉන්නේ මේවට ඒ ගොල්ලන්ට ගෙවන්න වෙන්නේ නැහැ කියලා වෙන්න ඇති. අනිත් කට්ටිය විතරක් බදු ගෙවලා මේ දීමනා දෙනවා කියල වෙන්න ඇති. ලක්ෂ 62 ඔබට සතුටුයිද?...
මම මෙච්චර කාලයක් හිතන් හිටියේ නගර සභිකයින් කියන්නේ "ස්වෙච්ජාවෙන්" ගමට නගරයකට සේවය කරන උදවිය කියලයි. දැන් බලාගෙන යනකොට හොඳ වැටුපක් ලැබෙන, වැඩි වගකීමක් නැති, උගත්කමකුත් ඕනෑ නැති ටොප් ජොබ් එකක්නේ. මීළඟ නගර සභා ඡන්දෙට මමත් අපේක්ෂකයෙක් වීමට බලාපොරොත්තු වෙනවා!
ඔය තිබෙන්නේ අපේ වරිපනම් බදු වලට වැඩ. එක්කෝ අපිට තව බදු වැඩිවේවි නැතිනම් නගරයට කෙරෙන වැඩ අඩුවේවි. කාටද ආඩම්බර නේද රෝසි?