IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කොළඹ ආරක්ෂක සමුළුව මේ මස 30 සහ 31

(ඉන්දිකා  රාමනායක)

2018 කොළඹ ආරක්ෂක සමුළුව මෙම මස 30 සහ 31 වැනි දින දෙක තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානාත්වයෙන්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී  පැවැත්වේ.

ගෝලීය ආරක්ෂාව සම්බන්ධ ක්ෂේත‍්‍රයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවැත්වෙන මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ 8 වැනි වරටය. 

මෙවර  සමුළුව සඳහා  ලොවපුරා  ආරක්ෂාව සබැදි  පාර්ශ්වකරුවන්,  විද්වතුන්, ආරක්ෂක විශේෂඥයින් හා විශ්ලේෂකයන් ඇතුලූ රටවල් 38 ක්  නියෝජනය කරමින් නියෝජිතයින් 800 ට අධික පිරිසක් සහභාගි අතර   ‘‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ ආරක්ෂාව’’ යන තේමාව යටතේ  මෙවර සමුළුව පැවත්වෙන බව හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

ඔවුන් අතර දෙස් විදෙස්  කථිකයින් 27 දෙනෙකු සහභාගි වන බවත් සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන දේශනය ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පැවැත්වන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

යුද හමුදාපති  ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ මේ සම්බන්ධයෙන් අද  (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ගෝලීය වෙනස් වීම සහ ආරක්ෂාව සඳහා එහි බලපෑම්, තාක්ෂණික බලපෑම්,   මානව සමාජීය වෙනස්කම් හා ආරක්ෂාව, දේශපාලන අන්තවාදය, යන ප‍්‍රධාන මාතෘකා සහ  මානව කි‍්‍රයාකාරකම් හා දේශිය ආරක්ෂාව, ගෝලීය අභියෝග හා අභ්‍යන්තර අවතැන්වීම්, 21 වන සියවසේ නාගරික ආරක්ෂාව, සයිබර් ගැටුම්  හා අනාගත බලතුලනය, සමාජ මාධ්‍ය හා සත්‍යතාව, ගෝලීය ආරක්ෂක අභියෝග, කෘති‍්‍රම  බුද්ධිය හා ස්වංකි‍්‍රය අවි, යුධෝපායන් ප‍්‍රතිව්‍යහගතකරණ  සහ සන්නද්ධ හමුදාවන්හි කර්ය බාරය,  දේශගුණික හා  භූ ඉංජිනේරු විද්‍යාව, විදේශ සබධතාවත් සඳහා බැලපෑම්, ඩයස්පෝරා ප‍්‍රජාවන් අතර ගැටුම්,  තාක්ෂණික නිර්මාණශීලිත්වය,  සන්නද්ධ හමුදාවන් සඳහා ඇති අභියෝග,  ප‍්‍රචණ්ඩකාරි අන්තවාදය හේතුවෙන් නායකත්වයට සිදුවන බලපෑම්, අභියෝග   දේශගුණික වෙනස්වීම්, යන යුද උපක‍්‍රම යන  උප මාතෘකා 16 ක් මෙහිදී සාකච්ඡාවට බදුන් කරන බවද හමුදාපතිවරයා කියා සිටියේය.

විදෙස් රටවල නියෝජිතයින් සමඟ අදහස්  හුවමාරු කිරීමටත්, ඔවුන්  අදහස්  හමුදාවට බෙදා හදා ගැනීමට හැකි වන බවත් මෙම  කොළඹ ආරක්ෂක සමුළුව සඳහා විදේශ නියෝජිතයන් හා හමුදා ප‍්‍රධානීන්  සහභාගි වන්නේ දැඩි කැමැත්නෙන් බවද ඔවුන්ගේ පැමීණී හමුවට විශේෂයක් බවද හමුදාපතිවරයා කියා සිටියේය.

මේ සඳහා හමුදාපතිවරයා වශයෙන් තමන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , කෙඩෙට් නිලධාරීන් ද සහභාගි වන බවත්  කෙඩෙට් නිලධාරීන් මේ සඳහා සහභාගි කරවන්නේ ආනගතයේ හමුදාව බාර ගන්නට සිටි ඔවුන්ට මේ කතාකරන විෂයන් ගැන අවබෝධයක් දීමට බවද හෙතෙම සඳහන් කළේය.

මේ සදහා  ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ  සහභාගි වීමත්,  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන දේශනය පවැත්වීමත්,   යුද හමුදවේ ශක්තිය, මේ රටේ කැපවීම, ගෝලීය හා ජාත්‍යන්තර   තත්ත්වයන් පිළිබ`ද අපගේ  කැපවීමත්,   පෙන්නුම් කරන අවස්ථාවක් වශයෙන්  මෙය දකින බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ආරම්භය දේශනය ආක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා මෙහි ආරම්භ දේශනය පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා මෙරට සේවය කරන මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්,  ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි,  හමුදා ප‍්‍රධානීන්,  ආරක්ෂක උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්,  අධ්‍යක්වරුන්, ති‍්‍රවිද හමුදා ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්,  දේශපාලන උපදේශකවරුන්,  ලේකම්වරුන්,   සන්නිවේදන විශේෂඥයින්,   ඇතුලූ සම්භාවනීය අමුත්තන්  රැසක් සහභාගි වන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට  යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජනරාල් දම්පත් ප‍්‍රනාන්දු,  යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි,  යුද ලේකම් මේජර් ජෙනරාල්  බී.එච්.එම්  විජේසිංහ, හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර්  සුමිත් අතපත්තු යන මහත්වරුන් ද සහභාගි වුහ.

ඡයාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

කොළඹ ආරක්ෂක සමුළුව මේ මස 30 සහ 31

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24681 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18141 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10858 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 575 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 832 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site