නිමල කොඩිතුවක්කු
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ‘‘ජන බලය කොළඹට‘‘ විරෝධතාවය සඳහා ලක්ෂ ගණනින් සෙනඟ ගෙන එන බවට පුරාජේරු කතා කීවත් කොළඹට ආවේ සොච්චම් සෙනඟක් යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවසීය.
ජනබලය විරෝධතාවයේදී විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු අපහසුතාවයකට පත් නොවූවද එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටියදි මෙවැනි විරෝධතා වලදි විවිධ ගැටළුවලට මුහුණ දිමට සිදුවූ බවද ඒ මහතා සඳහන් කළේය.
විරෝධතාවයේදි පොලීසිය හැසුරුනු ආකාරය සම්බන්ධයෙන් තමා පොලිස්පතිතුමා ඇතුළු පොලීසියට ස්තූතිවන්ත වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විරෝධතාවය හේතුවෙන් පීඩාවට පත්වු කොළඹ ප‍්‍රදේශයේ ජනතාවට කණගාටුව පළ කරන බවද ඇමැතිවරයා මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹට ආවේ සොච්චම් සෙනඟක් - ඇමැති රුවන්
Nimala Friday, 07 September 2018 05:44 AM
නරිය මිදී කඩාගන්න බැරි උනාම කිව්වෙත් ඔය වගේ කතාවක් තමා. නරිය කිව්වට එක ආදේශ කර ගන්න එපා හොඳේ. මම කිව්වේ ජනවහරෙ එන උපහැරණයක්.......
ananda Friday, 07 September 2018 08:57 AM
අනේ ඉතිං බස්වලට තහංචි දාලා පාරවල්වල කාණු කපලා පොලිස්පති ලව්වා තර්ජනය කරලා ලැජ්ජයි ඇමතිතුමෝ ලැජ්ජයි...