(විනීතා එම් ගමගේ)
කළමණාකරණ පීඨ හෝ තොරතුරු තාක්ෂණ පීඨවලින් පිටවන උපාධීධාරින්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියාවලට ඒමේ ඉඩ ප‍්‍රස්ථා අහුරා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.
ඔවුන් නිතරම ඒකාධිකාරයක් පවත්වාගෙන යාමට උත්සාහ දරන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
එසේ තිබියදීත් එම උපාධිධාරින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දී සිසුන් වශයෙන් සටන්වලට යොදවා ගැනීමට රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමය කටයුතු කරන බවත් ඒ බව වටහා ගැනීමට ශිෂ්‍ය සංගම්වලට නොහැකි වීම කණගාටුවට කරුණක් බවත් කුමුදේශ් මහතා කියා සිටියේය.
කුමුදේශ් මහතා මේ අදහස් පළ කර සිටියේ රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ අද (26) පෙරවරුවේ පැවැති ජාතික වෘත්තිය සමිති පෙරමුණේ මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් කොහොමත් ආවේගශීලි සහ අත්දැකීම් අඩු කොටසක් තමයි නමුත් මෙච්චර මෝඩ විදිහට හැසිරුණු කාලයක් මුළු ශිෂ්‍ය වියාපාරය තුලම නැතුව ඇති.
සේන උගතාගේ ටිකිරි මොලේ සහ මෝඩ අදහස්
ලංකාවේ උගත්කමේ හැටි හොඳට පේනවා. හතර වටේම කුණු කඳු, හැම පැත්තෙන්ම ඇහෙන්නේ පෙළපාලි, වර්ජන. මහා විහිළුවක්. මොනවා නැතත් ලොකුකමනම් අඩුවක් නැතිව තියෙනවා.