(තිලකරත්න දිසානායක.)
කළුතර බන්ධනාගාරයේ සිට සමයං නමැත්තා ඇතුළු සැකකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන චමින්ද නමැත්තා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මගින් ගම්පහ කිනිගම ප්‍රදේශයේදී අත් අඩංගූවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
කිනිගම පිහිටි ඥාති නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව කියන මොහු යුධ හමුදා සේවයෙන් පළා විත් සිටින අයෙකු බවත් මීට පෙර සිදු වු ඝාතන කිහිපයකට සම්බන්ධ අයෙකු බවත් පොලීසිය කියයි.
කඩුවෙල අධිකරණ භූමියේදී සිදු කළ වෙඩි තැබීමටද මොහු සම්බන්ධ බව පොලිසිය කියයි.
හමුදාවේ සිටියදී දක්ෂ වෙඩික්කරුවෙකු බව කියන මොහු සමයං ඇතුළු සැකකරුවන් ගමන් කළ බස් රථයට ආරක්ෂාව සැපයු බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමේ කාර්යය බාරව සිටි බවට ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
COMMENTS
හැමදාම අත්අඩංගුවට ගන්නේ ප‍්‍රධාන සැකකරුවෙකු.... හැබැයි ප‍්‍රධාන සැකකරු ලොවෙත් නැහැ... ලැජ්ජයිනෙ...