IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කළුගඟ ජලාශයේ ජලය පිරවීම 23 දා


(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ජලය පිරවීම   සහ  ජලාශයෙන්  මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරෙන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා පැවසීය.


කළු ගඟ ජලාශය මොරගහකන්ද ජලාශය මෙන්ම ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා 06 දින දවස පුරා ම මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු එහි පැමිණියහ.


රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු   මහවැලි නිලධාරීන් මුලින්ම මොරගහකන්ද ජලාශයෙන් උතුරු මැද පළාත හා උතුරු පළාතට ජලය රැගෙන යෑම සඳහා කඩිනමින් ඉදිවෙමින් පවතින  ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළහ. එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස කඩිනමින් මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙස ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට උපදෙස් ලබාදීම මෙන්ම දැනට පවතින ගැටලු සහගත ස්ථාන පිළිබඳව සාකච්ඡා කිරීම සිදුවිය.


 පසුව රාඡ්‍ය අමාත්‍යය වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිස කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් නිරීක්ෂණයට එක් වූ අතර එහිදී ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කළු ගඟ හරස් කොට කළු ගඟ ජලාශය වතුර පිරවීම සිදුකරන සොරොව් ස්ථානය සහ ඉදිකිරීම් භූමිය නිරීක්ෂණය කළහ.


පසුව මොරගහකන්ද ජලාශ  දැනට ක්‍රියාත්මක වන විදුලිබල උත්පාදන බලාගාරය නිරීක්ෂණය කොට ජලාශය නිරීක්ෂණය කිරීම මෙන්ම මොරගහකන්ද ජලාශය ඉදිරිපිට කළු ගලෙන් ඉදිකරමින් පවතින නව බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක් විණි.

 

මෙහිදී මාධ්‍ය ඇමතූ වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මොරගහකන්ද ජලාශයේ සහ කළු ගඟ ජලාශයේ සඳහා ඉඩම් අහිමි වූවන් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී එම ජනතාව නැවත පදිංචි කිරීම් මෙන්ම නව නගර ඉදි කිරීම් ආදී කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවය. එමෙන්ම දැනට පවතින යම් යම් ගැටළු සහගත ස්ථාන කඩිනමින් විසඳීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේය.


 මෙහිදී අදහස් දැක්වූ කළු ගඟ ජලාශ ඉදි කිරීම් ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා කියා සිටියේ කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් පසුගිය 2014 වසරේ ආරම්භ වූ බවත් එමෙන්ම මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට මෙහි වේලිවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිත බවය. එමෙන්ම ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්  කළුගඟ ජලාශය සඳහා කළු ගඟ හරස් කොට වතුර පිරි වීම් කටයුතු සිදුකරන බවත් එය කඩින් කඩ සාමාන්‍ය මට්ටමේ පුරවා අත්හදා බැලීම් සිදුකරන බවද පැවසිය.



අදහස් (4)

කළුගඟ ජලාශයේ ජලය පිරවීම 23 දා

rohana Sunday, 08 July 2018 03:14 AM

මේ වගේදෙයක් සහෝදර සමාගමෙන් කළා නම් එක ඇති අවුරුදු 15කට ඡන්දෙ ගන්න. නමුත් මේ රජය කරන දේවල් ප්‍රසිද්ධ කරනවා මදියි. එ්ක ඉතින් මෝඩකම තමයි.

:       119       202

sirimal Sunday, 08 July 2018 09:10 AM

කලින් වගේ නැටුම්, ගැයුම් එක්ක කෝටි ගණනක උත්සවයක් නැද්ද?

:       72       168

malki Sunday, 08 July 2018 10:30 AM

ඇති මේ ආණ්ඩුව ඔයවගේ දෙයක්වත් කළා..

:       27       3

malki Sunday, 08 July 2018 11:21 AM

කියවන්න තරම් මේ ආණ්ඩුව මොනවද කළේ?

:       23       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 28 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site