(අජිත්ලාල් ශාන්තඋදය)
කහවත්ත නගරයේ වෙළඳසලක අද(23) අලුයම හටගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇතැයි කහවත්ත පොලීසිය පවසයි.
අලුයම හටගත් ගින්න පැතිරයාම නගරවාසීන් සහ පොලීසිය එක්ව පාලනය කර ඇති අතර පසුව රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇත.
තොග බඩු වෙළඳසලක් වූ මෙහි මිලියන ගණනක බඩු තිබු බව හිමිකරුවෝ කියති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර ගින්න හටගත් අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටි බවට ද තොරතුරු ඇතැයි පොලීසිය කියයි.


COMMENTS
දවසකට එක කඩයක් ගානේ ගිනිතියල සතුටු වෙන කණඩායමක් නිසා නැවත රට පස්සට මිසක් ඉදිරියට නම් යන එකක් නෑ.
ෂුවර් එකටම මේකත් විදුලි කාන්දුවකින්ම වෙච්ච දෙයක් තමයි. මොකද පහුගිය ටිකේම සුළු ජාතීන්ගේ ව්‍යාපාර ස්ථානවලට ඔයවගේ දේවල් අප්‍රමාණව වුනා. රටේ ජනපතිවරයයි, අගමැතිවරයායි මහජාතීන්ට විතරක් ජනපති අගමැති වගේ කිසි ගානක් නැතුව ඉන්නවා. මෙතුවක් සිදුවීම් වෙලත්, අද වෙනකම් ඔය සම්බන්ධව එක්කෙනෙක්වත් අත් අඩංගුවට ගෙන නැහැ. අගමැතිවරයා කියන්නේ... සිද්ධස්තානවලට හානි කරන අයට දැඩි දඬුවම් කරන්නලු. එහෙමනම්, නොකියා කියන්නේ සිද්ධස්ථාන හැර අනෙක් හැමදේටම හානි කරාට කමක් නැහැ කියල නේද..? ඔය සුළු ජාතීන්ගේ චන්ද නැත්නම්, අද ඉන්න ජනපති වගේම අගමැතිත් නැහැ.