IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කෘෂි තොරතුරු පෝරම 352, 500 කින් ලැබී ඇත්තේ 6469ක් පමණයි

මුදිතා දයානන්ද
 
කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය දත්ත රැස්කිරීම වෙනුවෙන් දෙවසරකට පෙර ගොවි ජනතාව වෙත නිකුත් කළ පත්‍රිකා  352, 500 කින් දත්ත සහිතව ආපසු ලැබී තිබෙන්නේ පත්‍රිකා 6469 ක් පමණක් බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා අද (22) පැවසීය.

 
තිලකසිරි මහතා මෙසේ පැවසූයේ බස්නාහිර පළාත් සභා රැස්වීම එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
 
කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා දත්ත රැස්කිරීම වෙනුවෙන් සකස් කළ වැඩපිළිවෙල පිළිබඳව නන්දන පත්මකුමාර මහතා අසන ලද ප්‍රශ්නවලට අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා ලබාදුන් පිළිතුරු අනුව තොරතුරු පද්ධතිය සකස් කිරීම අඩාල වී ඇත. 
 
ගොවි ජනතාව පිළිබඳවත් වගාකෙරෙන කුඹුරු අක්කර ප්‍රමාණය හා පුරන් කුඹුරු පිළිබඳවත් නිලධාරින් ඉදිරිපත් කරන තොරතුරුවල පරස්පරතා පවතින බැවින් නිවැරදිම තොරතුරු ලබාගැනීම සඳහා මෙවැනි පත්‍රිකාවක් සකස් කර ගොවි ජනතාව අතරට යැවූ බව ඒ මහතා කීය. 
 
එම ක්‍රියාවලිය සඳහා මැදිහත් වීමට ග්‍රාමසේවා නිලධාරීන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරින් පස්ස ගැසු නිසා මුදල් ගෙවා හෝ වෙනත් ආයතනයක් සම්බන්ධ කර ගැනීමට සිදුවු බවද ඒ අනුව කලුබෝවිල ප්‍රදේශයේ ආයතනයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අනුව සම්බන්ධ කරගත් බවද තිලකසිරි මහතා පැවසීය.
 
එහිදි දත්ත රැස්කිරීම සඳහා 2016 වසරේදි රුපියල් 644,077ක් වැය කර පත්‍රිකා 352,500ක් මුද්‍රණ්‍ය කර ඉහත කී ආයතනය මගින් ගොවීන් අතරට යවා ඇති නමුත් ආපසු ලැබී තිබෙන්නේ පත්‍රිකා 6469ක් පමණි. 
 
දත්ත රැස්කිරීම භාරදුන් ආයතනයට රුපියල් 250,000ක් ගෙවා ඇති නමුත් ඔවුන් මේ වන විට එය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් මතුව ඇති බැවින් තරුණ තරුණියන් හැට දෙකක් මේ කටයුත්ත සඳහා පුහුණු කර ඇත. 
 
එහෙත් ඔවුන්ද මේ කාර්යයට තවමත් අනුයුක්ත වී නැත. ඒ නිසා ලක්ෂ දහයකට ආසන්න වියදමක් දරා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ගොවින්ගේ හා ගොවිබිම්වල තොරතුරු ලබාගැනීමට දියත් කළ වැඩපිළිවෙල අසාර්ථක වී තිබේ.



අදහස් (0)

කෘෂි තොරතුරු පෝරම 352, 500 කින් ලැබී ඇත්තේ 6469ක් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site