(නාලක සංජීව දහනායක)
කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ආයතන තුනකට සභාපතිවරුන් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (14) අනුමැතිය ලබාදී තිබේ.
අමාත්‍යංශයට ආයතන හතක් අයිති අතර ඉන් ආයතන තුනක් සඳහා සභාපතිවරුන් පත්කර තිබේ.
ඒ අනුව ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ලංකා ජලඡීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ උපාලි මොහොට්ටි , සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා වශයෙන් හිටපු අමාත්‍යංශ ලේකම්වරයකුවූ අමරනාත් අබේගුණසේකර, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ලෙස ජගත් පෙරේරා මහතාද පත්කර ඇත.
ඔහු පසුගිය කාලයේදී ලංකා ධීවර සංස්ථාව හා සීනෝර් ආයතනයන්හි සභාපති ලෙස කටයුතු කරමින් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ඇත.
ඉදිරි දින දෙක තුළ දී කෘෂිකර්ම හා ගොවිජන සේවා මණ්ඩලය, සීමාසහිත පොස්පේට් ලිමිටඞ්, වී අළෙවි මණ්ඩලය හා හදබිම අධිකාරිය යන ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කිරීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂි අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු
Raveendra Monday, 14 May 2018 03:11 PM
දැන් බැලුවම මීට පෙර හිටිය හාදයෝ පෙදරේරු වෘත්තිය කරපු අය වෙන්න ඇති නේද? අනාගතයේ මේ හාදයින්ගේ සුදුසුකම් බලාගන්න පුළුවන් වෙයි.