නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා සියයට 4 පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව හා ඒකව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ‘‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන’’ ප්‍රතිමූල්‍ය පහසුකම මාර්තු මස 24 වැනිදා ප්‍රකාශයට පත් කළේ යැයි ද එම බැංකුව කියයි.
එම ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 27.9ක මුදලක් අනුමත කර ඇති බවත් අද (24) දින වනවිට බැංකුවලින් දිවයින පුරා ඇති ව්‍යාපාර 7,274ක් සඳහා රුපියල් බිලියන 14.8ක් මුදාහැර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සියයට 4ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත.
මෙහි දෙවනි අදියර යටතේ රුපියල් බිලියන 120ක මුදලක් සියයට 1ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ආපසු ලබාදෙන බවත් එම අරමුදල් බැංකු පද්ධතිය හරහා කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා සියයට 4ක සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මුදා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861කට මහ බැංකුවෙන් බිලියන 28 ක්
Binkunndaa Wednesday, 24 June 2020 07:49 PM
බොරු... , මේ සල්ලි ඔක්කොම පොහොට්ටුවේ හෙන්චයියලාට...
athula Thursday, 25 June 2020 06:59 AM
අපි දුක් මහන්සි වෙලා හම්බකරපු සොච්චම ද ෆිනෑන්ස් එකේ ස්ථිර තැන්පතුවක් ලෙස අායෝජනය කරලා යන්තම් දෙවසරයි. දැන් අාණ්ඩුව එම ඉපැරණි වටිනා සම්පත අාරක්ෂාකර යම්කිසි සහයෝගයක් දීලා එම අායතනයේ රැකියාව කළපිරිසගේ ජිවන තත්වය ගැන හිතලා මෙම අායතනය නැවත පණගන්වන්න සහයෝගය දියයුතුයි... එහෙම නැතුව බන්දුල ගුණවර්ධනගේ පිළිකුල් සහගත ප්‍රකාශ දැවි දැවී ඉන්න අසරණ ජනතාවගේ ලේ කුපිත කරවයි.
Sanath Kandy Thursday, 25 June 2020 08:15 AM
මේකටත් සුදුස්සන් තෝරන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයන් වෙන්න ඇති. 5000 දෙන්න සුදුසු අය තේරුවා වගේ..