( සුජිත් හේවාජුලිගේ )
විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අතර කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හෙයින් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසීය.
එසේම විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි යැයි හෙතෙම කීය.
ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි පරිස්සම් විය යුතු යැයිද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මෙවර සින්හල හින්දු අලුත් අවුරුදු සමයේදී ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බවද සෞඛ්‍ය බලධාරීහු චෝදනා කරති .
COMMENTS
අදාළ වැක්සීන් නිසි පරිදි ලබාගෙන දින 14ක් හෝ ඊට වැඩි කාලයක් සපුරා ඇති මව් රටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මොකද වෙන්නේ.
මහත්තයෝ දැන්වත් ඔය කොරෝනා බොරුව නවත්වලා මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න පින් සිද්ද වෙයි...
මට පේන විදියට පළාත් සභා ඡන්දේ පවත්වන්නේ පහු වෙලා වගේ ඡන්දේ කිට්ටු වෙනකොට ඔය ප්‍රශ්න විසදේවි...
පිටරට සේවය කර ඒන කම්කරුවන් ආරක්ෂිතව ජෛව බුබුලක් ලෙස රට ඇතුලට ගෙන්වා ගත හැක මෙම වෛද්‍යවරු මෙවැනි ප්‍රකාශ කිරීම වෛද්‍ය විද්‍යාවට කරන ලැජ්ජාවක්
එතකොට අවුරුදු දවස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ අය පිට රටින් ආපූ අයද? දැනට එන්නත් කරපු අය විතරක් ගෙන්න ගන්න.
අපිත් ශ්‍රී ලාංකිකයන් අපට අපේ රටට එන්න අවස්ථාව දෙන්න දැනට ඇති නිරෝධායන පහසුකම් මදිනම් රජයට යෝජනා කර උපදෙස් ලබාදී පහසුකම් වැඩිකරන්න. බොහෝ දෙනෙක් අවුරුදු ගානකින් තමන්ගේ දරුපවුල් ලගට එන්න බලන්නේ. සීමා පැනවීමෙන් විදෙස් ශ්‍රමිකයන් නොසලකා හැරීමකට ලක් කරන බව හැගේ. රටක රජයකට තමන්ගේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හැකියාව තිබිය යුතුයි.