කුවේට් හි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්සේවය අද (15) වාර්තා කළේය.
මෙලෙස කුවේට් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට සේවය සඳහා ගිය ලාංකික කාන්තාවක් හා පිරිමියෙකි. කුවේටයේ ෆර්වනියා හි පෞද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන් පිරිසක් විසින් කුවේට් පොලීසියට දුන් ඔත්තුවක් මත ලාංකිකයින් දෙදෙනා පවත්වා ගෙන ගිය මෙම ගණිකා නිවාසය වටලා ඇතැයි එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
කුවේටයේ කයිතාන් ප්‍රදේශයේ ඇති මහල් නිවසක මෙම ගණිකා ව්‍යාපාරය පවත්වා ගෙන ගිය අතර මෙම ස්ථානය මීට පෙර සැකකාර පිරිමි පුද්ලගලයා නතර වී සිටි ස්ථානය වු බව එරට පොලීසිය විසින් හෙළිදරව් කර ගෙන ඇත. මෙම ගණිකා නිවාසට ගනුදෙනුකරුවන් රැගෙන එන්නේ සැකකාර පුද්ගලයා විසින්බවද පොලීසිය සඳහන් කර සිටී.
කුවේට් පොලීසිය විසින් මෙම නිවස වැටලූ අවස්ථාවේදී සැකකාර ශ්‍රී ලාංකිකයින් දෙදෙනාම එම ගණිකා නිවාසය තුළ සිට ඇති අතර අත්අඩංගුවට ගත් පසු සැකකරුවන් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ එක් ගනුදෙනුකරුවකුගෙන් කුවේට් ඩිනාර් 5 ක් අය කළ බවය. පසුගිය මාස 3ක සිට තමන් මෙම ව්‍යාපාරය කරගෙන ගිය බව ඔහු කුවේට් පොලිස් බලධාරීන් හමුවේ පවසා ඇත.
- 125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනදායි මුදලකට මෙම සේවය සපයා ඇති නමුත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපටත් ලැජ්ජාව ගෙන එන පුවතක්.