(125 )
අධික බීමතින් රිය පැදවූ ශ්‍රී ලාංකිකයකු කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන අල් රායි පුවත්පත් අද (10) වාර්තා කළේය.
එරට කින්ග් ෆාද් බින් අබ්දුල් අසීස් මාර්ගයේ මෙලෙස රිය පදවමින් සිටියදී මෙම ලාංකිකයා අත්අඩංගුවට පත්ව ඇත.
කුවේට්යේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදෙස් මත එරට පොලීසිය විසින් නොසැළකිළිමත් කමින් රිය පදවන රියදුරන් ඇල්ලීමට ආරම්භ කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් පසුව මෙම ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයාගේ නම් ගම් හෙළිදරව් කර නොමැති අතර ඔහුව පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහු වෙතින් අධික මැත්පැන් ගඳක් වහනය වූ බවද එම වාර්තාවේ දැක්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.