(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාල සටහන අවුල්කර ගැනීම නිසා සිසුන් පිරිසකට විෂයන් දෙකකට පෙනී සිටීමේ අවස්ථාව අහිමි වී ඇතැයි වාර්තාවේ.
විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාගයේ කාල සටහන ඉකුත් මැයි මාසයේ 16 වැනි දින සහ ජූනි මාසයේ 25 වැනි දින අවස්ථා දෙකකදී විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළකර තිබූ අතර එම කාලසටහන් දෙකේ ඒ ඒ විෂයන් වලට අදාල වේලාවන් වෙනස් ලෙස පළකර තිබිණි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ජූනි මස 16 වැනිදින පළකර තිබූ වැරදි කාලසටහන පරිහරණය කිරීම නිසා සිසුන් එම ගැටළුවට මුහුණපෑමට සිදුවී තිබිණ.
මෙම ගැටළුවට මුහුණ දුන් සිසුන් පිරිසකට ඉකුත් 7 වැනිදින පැවැති බෞද්ධ ශිෂ්ටාචාරය සහ 11 වැනිදා පැවැති සිංහල විෂයන්ට පෙනී සිටීමට නොහැකි වී තිබිණ.
මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුටව් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ විභාග ප්‍රවේශ පත්‍රයක් සමඟ සෑම සිසුවෙකුටම නිවැරදි කාලසටහන් ලැබීමට සලස්වා තිබූ අතර ඒවා නිසි පරිදි පරිහරණය කිරීම සිසුන්ගේ වගකීමක් වන බවය.
COMMENTS
වෙබ් අඩවි වල පලකෙරෙන කාලසටහනට වඩා තමන්ට ලැබන ඇඩ්මිෂන් එක සමග ලැබෙන කාලසටහනට වැඩ කරන්න ඕනනේ.
එහෙනම් ඇයි නිල වෙබ් අඩවියේ විභාග කාල සටහන සඳහන් කර තිබෙන්නේ? කෙනෙකුට සිතෙන්නට පුළුවන් වෙබ් අඩවියේ පල කර ඇති විභාග කාල සටහන වඩා යාවත්කාලීන කර ඇති නිවැරදි කාල සටහනක් කියා. මෙවැනි දෙයක් සිදුවුන විට, විභාග දෙපාර්තමේන්තුවේ යුතුකම විය යුත්තේ වැල්වටාරම් නොකියා තමන්ගේ වරද පිළිගැනීමයි.
තමන්ට ලැබෙන නිවැරදි කාල සටහන ඇඩ්මිෂන් එක සමග ලැබෙන බවත් එය කියවීමටවත් උනන්දුවක් නොදක්වන සිසුන් ලංකාවේ ඕනෑ තරම් සිටිය හැකිය. එය සිසුන්ගේ වරදක් මිස විභාග දෙපාර්තමේන්තුවේ වරදක් ලෙස දැකිය නොහැක. මෙවැනි දේ සිසුන්ට අනවශ්‍ය වාසි ලැබෙන ලෙස ඉස්මතු නොකළ යුතුයි. මන්ද ඔවුන් නිවැරදි කාලසටහනට ආවත් විභාගය සමත්වීම පිළිඹද ප්‍රශ්නයක් ඇත.
තමන්ට ලැබෙන විභාග ප්‍රවේශ පත්‍රයේ හරියට දිනය හා වේලාව තියනවා නම් ඒක තමන්ට පේන තැනක ලොකුවට ලියා ගත්තා නම් ප්‍රශ්නයක් නෑනේ.
1. අතට දීලා තියන කාලසටහන හැමෝම බලන්න ඕනෑ. 2. අන්තර්ජාලයේ වෙන එකක් තියෙනවා නම් කාගෙන් හරි අහල බලන්න ඕනි. මෝඩකම සහ සමාජ ආශ්‍රයක් නැතිකම තමයි. යාලුවෙක්ගෙන් හරි අහලා බලන්න පුළුවන්නේ.
තාක්ෂණික මෙවලම් ගැන තරුණ පරම්පරාව වැඩිපුර විශ්වාස කිරීම හා ඒ අනුව කටයුතු කිරීම නිසා තමන්ගේ ජීවිතය නැති වෙන බව සිතට ගත යුතුය. මෙම ළමයි පිළිබඳ ම හට ඇත්තේ කණගාටුවකි. අතේ සිටින කුරුල්ලට වඩා අත්තේ සිටින කුරුල්ලා වටින්නේ නැති බව මේ ළමයි දැනගත යුතුවේ.