(උපාලි ආනන්ද)
කල්ලාරු ඇතාගේ දළ යුගළ රුපියල් ලක්ෂ පනහකට අළෙවි කිරීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා චෝදනා වලට වරද පිළිගැනීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 75,000 බැගින් දඩ ගෙවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියම කළේය.
එමෙන්ම මාස හය බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද නියම කර එය වසර පහකට අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිවලාවතුර - මරච්චිකට්ටි - පාලෙන්කුලී ලිපිනයේ පදිංචි 52 හැවිරිදි මීරා සාහීඩි හාරිස් සහ මන්නාරම දකුණ කරවන්කොටිටෙයි තිරුවල්ලූවර ලිපිනයේ 38 හැවිරිදි සුන්දර මූර්ති වෙට්ට්වේල් අලගන් සහ සිලාවතුර මරචිචිකටිටි මුල්ලිකුලම් ලිපිනයේ 54 හැවිරිදි ප‍්‍රැන්සිස් සෙබස්තියන් වාස් යන සැකකරුවන්ට මෙසේ දඬුවම් නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නමලා නොවේ. ඔහොම යමු
මාස හයේ සිර දඩුවමත් අත් හිටවලා. මෙහෙම ගියොත් අපේ ඇත්තු ටික බේර ගන්න වෙන එකක් නැත
නීතියට අනුව දඩ ගෙවලා ගෙදර ගියත් ස්වභාවධර්මයෙන්, කර්මයෙන් සමාවක් නැ