ඉන්දිකා රාමනායක
මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සක්තාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන සැරයන් සුගතපාලගේ සහ පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින කොස්තාපල් වසන්ත පුෂ්පකුමාර යන අයගේ සුවදුක් බැලීමට අද (26) පොලිස්පතිවරයා එම රෝහල් වෙත ගියේය.
ඇමෙරිකා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ පොලිස් ප‍්‍රධානීන්ගේ සමුළුවට සහභාගි වී පොලිස්පතිවරයා අද (26) පෙරවරුවේ දිවයිනට පැමිණි අතර එසේ පැමිණ ඒ මහතා මෙම නිලධාරීන්ගේ සුවදුක් සොයා ලැබු බව පොලිස් මුලස්ථානය කියයි.
එහිදී පොලිස්පතිවරයා මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන කාන්තාවකගේ ද සුවදුක් සොයා ලැබු බවද පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd