(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අර්ධදීපයේ ප්‍රදේශ රැසකම පැය 48 කට වැඩි විදුලි විසන්ධියක් පවතින බවට ජනතාව චෝදනා නගති.
කල්පිටිය, මනල්තෝට්ටම, වන්නිමුන්දලම, තලවිල යන ගම්මානවල,ඇතැම් ප්‍රදේශයන්හී විදුලිය බිඳ වැටීම තවමත් පවතින බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා තහවුරු කළේ ය.
නාරක්කල්ලිය, පනයඩිය මාම්පූරිය යන ගොවි බිම් ආශ්‍රිත විදුලි විසන්ධිය තවමත් පවතින බව ගොවි සංවිධාන නියෝජිතයකු වූ නාරක්කලිය සිරිල් ඇලෙක්සැන්ඩර් මහතා පැවසුවේ ය.
බොහෝ ගොවීන්ගේ විදුලිය බිඳ වැටීම් ඉකුත් සදුදා දහවල් මෙන්ම අඟහරුවාදා අලුයම සිට ද වන බව එම මහතා පැවසුවේ ය.
මෙම විදුලිය බිඳවැටීම් නිසා විශේෂයෙන්ම ගොවියන්ගේ දෛනික ජල සැපයුම ඇණ හිටීම නිසා ඉමහත් දුෂ්කරතාවයකට මුහුණ පා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.
පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින්,පුත්තලම දිසා ලේකම් එන්.එම්.එන්.චිත්‍රා නන්ද මහතා 6 දින සන්ධ්‍යාවේ එතුමාගේ කාර්යාලයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබිණි.
පුත්තලම පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍ර සේන,වයඹ පළාත් සභා මන්ත්‍රී එන්.ටී.එම්. තාහීර්,කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එන්.එම්.ඉන්ෆාස්,කල්පිටිය සහ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ විදුලි බළ මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.



2025 දෙසැම්බර් මස 30
108
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කල්පිටියේ දින දෙකක් විදුලිය නෑ
rocky Thursday, 07 June 2018 01:18 PM
පුදුමයි. වහින ගොරවන වෙලාවට වත් ඇත්තෙම නැද්ද?