(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අර්ධදීපයේ ප්‍රදේශ රැසකම පැය 48 කට වැඩි විදුලි විසන්ධියක් පවතින බවට ජනතාව චෝදනා නගති.
කල්පිටිය, මනල්තෝට්ටම, වන්නිමුන්දලම, තලවිල යන ගම්මානවල,ඇතැම් ප්‍රදේශයන්හී විදුලිය බිඳ වැටීම තවමත් පවතින බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා තහවුරු කළේ ය.
නාරක්කල්ලිය, පනයඩිය මාම්පූරිය යන ගොවි බිම් ආශ්‍රිත විදුලි විසන්ධිය තවමත් පවතින බව ගොවි සංවිධාන නියෝජිතයකු වූ නාරක්කලිය සිරිල් ඇලෙක්සැන්ඩර් මහතා පැවසුවේ ය.
බොහෝ ගොවීන්ගේ විදුලිය බිඳ වැටීම් ඉකුත් සදුදා දහවල් මෙන්ම අඟහරුවාදා අලුයම සිට ද වන බව එම මහතා පැවසුවේ ය.
මෙම විදුලිය බිඳවැටීම් නිසා විශේෂයෙන්ම ගොවියන්ගේ දෛනික ජල සැපයුම ඇණ හිටීම නිසා ඉමහත් දුෂ්කරතාවයකට මුහුණ පා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.
පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින්,පුත්තලම දිසා ලේකම් එන්.එම්.එන්.චිත්‍රා නන්ද මහතා 6 දින සන්ධ්‍යාවේ එතුමාගේ කාර්යාලයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබිණි.
පුත්තලම පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍ර සේන,වයඹ පළාත් සභා මන්ත්‍රී එන්.ටී.එම්. තාහීර්,කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එන්.එම්.ඉන්ෆාස්,කල්පිටිය සහ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ විදුලි බළ මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.



2025 දෙසැම්බර් මස 04
77
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කල්පිටියේ දින දෙකක් විදුලිය නෑ
rocky Thursday, 07 June 2018 01:18 PM
පුදුමයි. වහින ගොරවන වෙලාවට වත් ඇත්තෙම නැද්ද?