හිරාන් ප්‍රියංකර ජයසිංහ
කල්පිටිය තිහලිය ප්‍රදේශයේ අද ( 9 ) ඇතිවු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවිමට සිදුවු බව ඉහල පොලිස් නිලධාරියකු පැවසිය .
තිහලිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ නිවසක රැස්ව සිටි විශාල ජනතාවක් ඉවත් කිරිමට පොලිස් ජංගම මුර සංචාර කණ්ඩායමක් කටයුතු කිරිමේදි පොලිස් නිලධාරින්ට අපේක්ෂකයාගේ ආධාරකරුවකු බධා කිරිමත් සමඟ උණුසුම් තත්වයක් මතුව තිබු බව කියයි.
පසුව එම පිරිස අපේක්ෂකයාගේ නිවසෙන් ඉවත් කිරිම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබු අතර පසුව ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර තිබු බව ද කියයි.
COMMENTS
ඔන්න ඔතන තමයි යු.එන්.පී එක අනාගත්ත තැන. දැන් බලමු ජනතාවගේ ආශීර්වාදය නැතුව තනිව ආණ්ඩු පිහිටුවන හැටි.
නීතිගරුක විය යුතුය. හැමවිටම පොලිසිය හරියට තමන්ගේ රාජකාරිය ඉටුකරනවා.
බලය දෙන්න කලින් මෙහෙම නම් බලය ලැබුණු විට මේ අය කොහොම හැසිරෙයිද? මේ අය පරාජයට පත් කිරීම මගින් පමණයි නීතිය හා සාමය රැකගත හැකි වන්නේ.
අපේ රටේ සියලුම උණුසුම් තත්ත්ව පාලනයට මුලින්ම එලිබහින්නේ තුවක්කුවයි. ඒ අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම තුවක්කුව නිසාද? රටේ සියලුම උණුසුම් තත්ත්ව ඇති කරන්නේ එකතරා කොටසක්... ඔවුන් පාලනයට තුවක්කුව අවශ්‍යමයි.