IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කිලිනොච්චි එස්.එස්.පී උසස් කරන්නැයි කොමිසම යළි දැනුම් දෙයි

තරිඳු ජයවර්ධන
 
ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිතනතුරට පත් කරන්නැයි නියෝග කර පොලිස්පතිවරයා විසින් මේ වන තෙක් ක්‍රියාත්මක නොකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ උසස්වීම ද කඩිනමින් ලබා දෙන ලෙස  එම කොමිසම අද පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.
 
පාලිත සිරිවර්ධන මහතාගේ උසස්වීම සම්බන්ධයෙන් අද ජාතික පොලිස් කොමිෂන් සභාවේ දී සාකච්ඡා කරද්දී පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිරිවර්ධන මහතාට එරෙහිව චෝදනාපත්‍ර දෙකක් ඇති බැවින් උසස්වීම ලබා නුදුන් බවයි. එම අවස්ථාවේ කොමිසම කියා ඇත්තේ සිරිවර්ධන මහතාට ලබාදීමට නිර්දේශ කළ චෝදනාපත්‍ර දෙන නිෂ්ප්‍රභා කර ඇති බවයි.
 
එලෙස නිෂ්ප්‍රභා කිරීම සම්බන්ධයෙන් ලිපියක් නොලැබුණු නිසා ඔහුට උසස්වීම නොදුන් බව පොලිස්පතිවරයා කියා තිබේ. අවශ්‍ය නම් යළි එම ලිපිය ලබා දිය හැකි බවත්, ඔහුගේ උසස්වීම ද ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස් කොමිසම දැනුම් දී ඇත. ඒ අනුව ඔහුගේ උසස්වීම සිදු කළ හැකි බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ යැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
 
පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරනු ලැබුවේ පසුගිය මැයි මාසයේදීය.
 
 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මුල් වරට තීරණය කර පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් පස් වැනි දා ය. ඒ  මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.
 
එම තීරණය සලකා බලා යළිත් වරක් පොලිස් කොමිසම දැනුම් දුන්නේ ඒ දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙසයි. කෙසේ වෙතත් අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නොකිරීම නිසා මැයි මාසයේ මුල් සතියේ දී ජාතික පොලිස් කොමිසම පාලිත සිරිවර්ධන මහතා හැර ඉතිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු  හතර දෙනා වැඩ බලන පොලිස්පතිවරුන් ලෙස පත් කරනු ලැබූහ



අදහස් (1)

කිලිනොච්චි එස්.එස්.පී උසස් කරන්නැයි කොමිසම යළි දැනුම් දෙයි

muditha Friday, 21 September 2018 04:28 AM

සුභ පැතුම් ... හොඳ මහත්මයෙක් කොළඹ සිටිය යුතු නිලධාරියෙක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 369 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site