IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැලණි සරසවියේ විද්‍යා අංශයේ දේපොළ වලට හානි කළැයි සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

(දිල්රුක්ෂි ග්‍රේරු)

කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ  රසායනික  විද්‍යා අංශයේ ගොඩනැගිල්ලක දොරවල් කඩා එහි දේපොළවලට හානි කළැයි එම පීඨයේ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි  කිරිබත්ගොඩ පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාගෙන් සිසුන් දෙනෙකු එම පීඨයේම තෙවැනි වසර සිසුන් දෙදෙනකු වන අතර අනෙක් සිසුවා 2012  වසරේදී විශ්ව විද්‍යාලයට ඇතුළු වී  තවමත් අධ්‍යාපනය හදාරණ සිසුවෙක්  බව පොලිසිය පවසයි.

මෙම සිසුහු  අරලංගවිල, පදවි ශ්‍රී පුර සහ ගනේමුල්ල ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.

මෙයින් සිදුව ඇති  දේපොළ හානිය පිළිබඳව  විශ්ව විද්‍යාල ඉංජිනේරුවරයෙකු  ලබා දුන් තක්සේරු වාර්තාව අනුව රුපියල් දෙලක්ෂ හතලිස්දහස් දෙසිය  හැටක අලාභයක් සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඉකුත් 12 වැනිදා  රාත්‍රි මෙම සිදුවීම වී ඇති අතර විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශය කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු අරඹා තිබිණි.

ඒ අනුව පරීක්ෂණ  ඇරැඹු පොලීසිය සඳහන් කළේ  සිද්ධිය වු දින පශ්චාත්  උපාධි අධ්‍යන පීඨයේ ආරක්ෂිත කැමැරාවල සටහන් වී තිබුණු දර්ශන අනුව  යතුරු පැදියකින් පැමිණි මෙම සිසුන් රසායනික විද්‍යා අංශයට ඇතුළු වන අයුරු  සහ ඔවුන්ගේ අශෝබන හැසිරීම් රටා සියල්ල තුළින් ඔවුන් මෙම සිදු වීම කළ බවට  මුලික තොරතුරු අනාවරණය වු බවයි.

ඔවුන් තිදෙනා බීමතින් සිටි බවත් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව උඩු කය නිරාවරණව  සිටි ඔවුහු කෑ කෝ ගසමින් විශ්ව විද්‍යාලයේ  රසායනික විද්‍යා අංශයට ඇතුළු වන අයුරු  ආරක්ෂිත කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි යැයි  පොලීසිය සඳහන් කළේය.

මොවුන් විශ්ව විද්‍යාලයේ  කොහොල්විල පිහිටි  විද්‍යා අංශයේ නේවාසිකාරයේ රැදී  අධ්‍යාපනය ලබා තිබේ.

වැඩි දුර කළ පරීක්ෂණවලදී  ආරක්ෂිත කැමරා දර්ශන අනුව සිසුහු කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට හැකි වු බවත් ඒ අනුව  විශ්ව විද්‍යාලයේ පරිපාලන අංශයට හා ආරක්ෂක අශයට මේ පිළිබඳව දැනුම් දී  එම සිසුන් තිදෙනාට පැමිණ පොලීසියට පැමිණ බාර වන ලෙස කළ දැනුම් දීමකින් පසු ඊයේ (19) සවස පැමිණ  ඔවුන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත්   බව පොලිසිය පැවසීය.

විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අනවසරයෙන් ඇතුළු වි රජයේ දේපොළවලට  අනර්ථයක් සිදු කිරීම යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අද (20) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළේය.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති  චමින්ද  ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ඒ සඳනුවන්, පොලිස් සැරයන් 22401 යාපා, 73251 ජයලත් කොස්තාපල්වරුන් වන 23594 යසනායක, 36122 තිලකරත්න, 77528 කසුන්, 82146 මාලක,  සහ කාන්තා පොලිස් කොස්තාපල් 1952 රසිකා යන නිලධාරීහු මෙහි විමර්ශන කටයුතුවල නියැලෙති.
 

 

 

 

 

 

 

 

 



අදහස් (2)

කැලණි සරසවියේ විද්‍යා අංශයේ දේපොළ වලට හානි කළැයි සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

Raveendra Monday, 20 August 2018 07:12 AM

මේ ඔබේ මගේ අපේ බදුමුදල් විනාශ කිරීමක් නොවේද ? මොවුන් විශ්ව විද්‍යාල සිසුන් වන්නේ කෙසේද? අධ්‍යපනය ලබන අවදියේ සිටීම මෙසේ හැසිරෙන්නේනම් උපාධිය ලබා ගැනීමෙන් පසු රජයේ තනතුරු ලබාගත්තත් මෙසේ හැසිරෙනවා නොවේද? කතා කලොත් මොවුන් තරම් අහිංසක දුප්පත් අවංක සිසුනේ මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම නැතිව ඇති. නමුත් නිවට ක්‍රියාවන් ගැන වචනයක්වත් කතා නොකරනවා නොවේද? හෙට දිනයේ හෝ නුදුරු දිනක මෙම පිරිස අහිංසක සිසුන් යයි කියමින් අන්තරේ ටිකක් පන්ති වර්ජනය කරනු ඇත. කරුණාකර මෙම මෝඩ පිරිස වැදගත් අධ්‍යාපන ආයතනවලින් හැකි ඉක්මනින් නෙරපා දමන්න. මෙම අය එම ආයතනවල සිටිනවා යනු අපගේ බදු මුදල් තව තවත් විනාශ කරනවා හැර රටට කිසිදු පලක් නොමැත. අහිංසක දෙමවුපිනගේ හෙලන ලේ කදුළු දහදිය ගැන කිසිදු තැකීමක් නැති අය රටට වැඩක්ද නොමැත.

:       0       303

dias Monday, 20 August 2018 10:27 AM

මේ අය මහපොළ ශිෂ්‍යත්ව මුදල් වලින් තමා ඔය අරක්කු බොන්නේ...

:       0       120

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13301 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 56 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site