ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොට්ටයම්හි ගංවතුර සහනාධාර බෙදාදීමට පැමිණි ට්‍රක් රථ කිහිපයක එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජයට සමාන ධජයක් තිබූ බවත් ඒ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත බැනරයක් ද තිබූ බවත් ඉන්දීය මාධ්‍ය ඊයේ (27) වාර්තා කළේය.
පොලිසිය මේ සම්බන්ධයෙන් ස්වේච්ඡා සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර එම ට්‍රක් රථ ආපසු හරවා යැවීමට කටයුතු කර ඇතැයි ද මනෝරම ඔන්ලයින් පුවත් සේවය වාර්තා කර තිබිණි. එහි පැමිණි සාමාජිකයන් නාම් තමිලාර් කච්චි (එන්.ටී.කේ) ද්‍රවිඩ ජාතිකවාදී පක්ෂයේ සාමාජිකයන් බවත් තමිල්නාඩුවේ සිනමාකරු සහ රංගන ශිල්පී සීමන්ගේ ප්‍රධානත්වයෙන් එම පිරිස පැමිණ ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
එන්.ටී.කේ සාමාජිකයන් අගෝස්තු 25 වැනිදා සවස් වරුවේ කොට්ටයම්හි පිහිටි සන්නද්ධ භටයන්ගෙන් සමන්විත පොලිස් කඳවුරේදී සහනාධාර ට්‍රක් රථවලින් ඉවත් කර තිබේ. ඒ හේතුවෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එහි යෑමට සිදු වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්විණි.
කොට්ටයම් නැගෙනහිර පොලිස් ස්ථානයේදී මොවුන් සියලු දෙනාගෙන් ප්‍රශ්න කර තිබෙන මොවුන් මීට පෙරත් අවතැන් කඳවුරු කිහිපයකදීම සහනාධාර බෙදා ඇතැයි එම ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කර ඇත.
ඔවුන් රැගෙන එන ලද සහනාධාර පොලිස් සුනඛයන් හා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකවල පරීක්ෂාවට ලක්වුණු බවත් සැක කටයුතු කිසිවක් හමු නොවූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
ඬේලිමිරර්
055
COMMENTS
ඕක ලංකාවේ වුනානම් සද්දයක්වත් නැහැ. අපේ අය කියයි, ඔන්න බලන්න කොටි දැන් හොඳයි සංහිදියාව නිසා කියලා. ඔන්න බලාගන්න කොන්ද පන ඇති අය ඉන්න රටවල්
ඇත්තම තමයි. අපේ රටේ නම් කොන්දක් තියේවිද කියලා හිතෙනවා ඔයවගෙ වෙලාවට කෙලින් ඉන්න. මට මතක්වෙනවා නෝර්වේ අය මේ රටේ ඔලුව දාගෙන හිටිය කාලෙ ඔය දැන් ඉන්න සමහර ඉහල පාලකයන්ගේ කොන්ද කොහේද තිබුණේ කියලා.
පණපිටින් ඉන්නකොටත් ප්‍රබාකරන්ට දිනාගන්න බැරිවුණා. දැන් මැරිච්ච මිනිගගෙන් මොනවාද බලාපොරුත්තු වෙන්නේ?
maaraya, ඕක ලංකාවේ වුනානම් හිටපු රජතුමා, ගෝලයෝ රට ගිනි තියල එහෙනම්