ආරියරත්න රණබාහු
වෙඩි ප්‍රහාරයකට ලක්ව නාරහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් උන්වහන්සේගේ අතකට සහ උදරය ප්‍රදේශයට තුවාල සිදුව තිබු බවත් ඒ සම්බන්ධයෙන් ඉකුත් 13 වැනි දා සැත්කමක් සිදු කළ බවත් එම රෝහලේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේට නිදුක් නිරෝගී සුව !