ජේ.කේ.එල් චාමින්ද
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකය සඳහා තවත් ඇඳන් හයක් ඇතුළු උපකරණ කඩිනමින් ලබා ගැනිම සදහා අද (28) රෝහලේ පැවති විශේෂ සාකච්ඡාවකදි තින්දු වි තිබේ.
පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරිමට වසංගත රෝග විද්‍යා ඒකකයේ, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරුන්ගේ හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබේ.
ළමා දැඩිසත්කාරක ඒකකයට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදී එය පුළුල් කළ යුතු බවට එහිදී සාකච්ඡාවි ඇත. මේ පිළිබද අප කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා මේසේ කීවේය.
‘ළමා දැඩිසත්කාරක ඒකකයට අවශ්‍ය භාණ්ඩ සතියක් ඇතුලත ලබා ගැනීමට උත්සාහ කරනවා. දැනට වෙනත් රෝහල් වලින් උපකරණ ලැබී තියෙනවා. වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂතුමා ළමා දැඩි සත්කාරක ඒකකයට අවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් තැන් සොයා බලා දැනුම් දුන්නා. යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම රැස්වීමේදී රටේ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් සිදු වුනේ නැද්ද? දොස්තර සංගමයේ දේශපාලන කාර්යභාරය පසෙකලා, ඔවුන්ගේ කාර්යයක් සේ නොසලකන, සෞඛ්‍ය සේවය ගැන කතා කිරීම අපට නම් අරුමයක්?